(අංජුල මහික වීරරත්න)
තේ වගාවේ අස්වනු ඉහළ නැංවීම සඳහා සහන මිලට තේ පොහොර ලබාදීම සඳහා වන ගිවිසුමට හෙට අත්සන් කරනු ලබයි.
තේ මණ්ඩලය ,කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම මේ සඳහා ගිවිසුම් ගත වීමට නියමිත අතර ගිවිසුම අත්සන් කිරීම බත්තරමුල්ල කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී හෙට (29)සිදු කෙරෙයි.
තේ වගාව සඳහා යොදන ටී -750, ටී- 709 සහ ටී- 200 යන පොහොර වර්ග සියල්ලේම මිල රුපියල් 2000 කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කළේය.
දැනට වෙළෙඳ පොලේ පවතින මිලට වඩා සියයට 50කින් පොහොර මිල අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ අනුව ටී-750 සහ ටී - 709 පොහොර මිටියක මිල රුපියල් 7735 දක්වාත් T-200 පොහොර මිටියක මිල රුපියල් 5500 දක්වාත් අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිවිසුම හෑල්ලුවට ලක්කරනවා නෙවෙයි.., මම T 750 ගත්තේ 7750/=කට බවර් වර්ගයේ ගිය මාසේ... එතකොට මෙ මිල අඩුවීම...?
පෝර ප්‍රවාහනය දුම්රියෙන් කරන්න. පෝර ලොරිවල හැප්පිලත් තව මිනිස්සු මැරෙයි...
ඇයි පෝර කියන්නේ? පොහොර කියලා කියැවෙන්නේ නැත්ද? දෙමළ අයට සිංහල ශබ්ද කරලා කියවන්න බෑ පෝර කියලා කියන්නේ...!
ඉතා හොඳ දෙයක්...
පෝර මිල අඩ්‍ර කිරිම හෝදයි තේ ගසකින් වසරකට ම තේ දල්‍ර උපරිම පලදාව කිලෝ. 3 දැනට ලබන්නේ කිලෝ 1 (ගස් ගනන සහ 2023 ජනවාරි සිට දෙසැමිබර් දක්වා කඩන ලද දළු ගනන බලා එක ගසකින් කඩන ලද දඵ ගනන බැලිමෙන් දැන ගත හැක) වතු සාමාගමි සියල්ලම තේ ගසකින් කඩන ලද දඵ ප්‍රමානය කිලෝ 1 ටත් අඩ්‍රය වගකිමෙන් මා කියනවා පොර දිමට පෙර පසේ pH අගය බැලිය ය්‍රතුය එක තේ ගසකින් වසරකට කිලෝ 2 ලබා ඇති අය බලා පෝර ටික තව අඩ්‍රකර දෙන්න නැතිව දිමෙන් පලක් නැන වතු සාමාගමිඩවල මෙම දත්ත වගකිව ය්‍රක්තන් රජය ලාබා ගත ය්‍රතුව ඇත වතු සාමාගමි වල තේ ගස් ඇති ප්‍රමානයේන් වත්තේ පදිංවි අය ට අක්කරය බැගින් එක පව්‍රලකට පිට දඵ සදහා ගෙවන මිලේන් 75% ගේවිමත් සිද්‍රකරන්න මෙය සාර්ඵක ක්‍රමයකි මෙය 1970 දි දෙනියායේ එන්සල්වතු යාය මගින් කරන ලද්දකි.