(තිලකරත්න දිසානායක)

මීගමුව සිට ගම්පහ දක්වා ගමන්කළ පෞද්ගලික බස් රථයක් පැරණි මිනුවන්ගොඩ මාර්ගයේදී යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියෙහි පසුපස ගමන්ගත් එක් දරු මවක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පැදිය පැදවූ පියා තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති බවත් ගම්පහ පොලීසිය සදහන් කරයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීරිගම , ලෝළුවාගොඩ පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ සචිනි උදේශිකා අබේරත්න නමැති 32 හැවිරිදි එක් දරු මවකි.

මියගිය තැනැත්තිය සහ ඇයගේ පියා අද (3) පෙරවරුවේ ගම්පහ දෙසට යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී පසුපසින් ධාවනයවූ පෞද්ගලික බස් රථය එහි ගැටමෙන් පියා සහ දියණිය යතුරු පැදියෙන් දෙපසට විසිවී ගොස් දියණිය බස් රථයට යටවීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.