(මහින්ද නිශ්ශංක)
දුම්රිය තුළ පිහිටුවා ඇති ආපනශාලා හදිසි පරීක්ෂාවට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මීනගයා දුම්රියේ ආපනශාලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මඩකලපුවේ දි හදිසි පරීක්ෂාවට ලක් කිරීමේදී එම ආපනශාලාව අයපිරිසිදු ලෙස
පවත්වාගෙන යන බව නිරීක්ෂණය වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ මහතා පැවසීය.
දැනට දුර ගමන් දුම්රිය 14 ක පමණ ආපනශාලා පවත්වා ගෙන යන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය ඉතා හොඳ පියවරකි. දුර ගමන් දුම්රිය ආපනශාලාවල ආහාර පරිභෝජනයට නුසුදුසු ඒවා වේ. නමුත් දුම්රිය නිලධාරීන් ඒවා පරීක්‍ෂා නොකර නිහඬව, අන්ධව සිටියා. අනෙක් කාරණය නම් ඔවුන් ඒවා අධික මිලකට අලෙවි කිරීමයි. මේ කාරණය සම්බන්ධයෙන් මගීන්ට යම් සාධාරණයක් අවශ්‍යයි.