(යොහාන් භාසුර)

විදේශීය රටක චිත්‍රපටයක රූගත කිරීම් සඳහා මේ මස 24 වැනිදා සිට හෙට (29) දක්වා වෙන්කරගෙන තිබූ මැදිරි 6 ක විශේෂ දුම්රිය කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී කොටගල සහ හැටන් දුම්රිය ස්ථාන අතරදී අද (28) පස්වරුවේ පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දුම්රියේ මැදිරියක රෝද තුනක් පීලි පැනිමකට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් උඩරට දුම්රියේ දුම්රිය ධාවනයට බධා මතුව ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

චිත්‍රපටය රූගත කිරීම් අවසන් කර නැවත කොළඹ බලා එමින් සිටියදී එම අනතුරට ලක්ව තිබේ.