(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය )
බන්ධනාගාර නියාමකවරයෙකුගේ නමින් බොරලැස්ගමුව පිරිවෙන පාරේ නිවාස සංකීර්ණයක සුඛෝභෝගී නිවසක් කුලී පදනම මත ලබාගෙන ඔහු සමග එක්ව හොරයින් මත් කුඩු ජාවාරමේ නිරත වූ " මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන " බඩෝවිට ආශා" නැමැත්තිය අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි
සැකකාරිය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා හොරයින් මත්කුඩු මිලිගෑම් 4054 ක් හා ජාවාරමෙන් උපයා ගත් රුපියල් 40700/= ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත
ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මර්වින් ජානා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බඩෝ විට ආශා නැමැත්තිය බොරලැස්ගමුව පිරිවෙන පාරේ නිවසක සිට සිදුකරන බවත් එම නිවස ඇය බන්ධනාගාර ගතව සිටින කාලයේ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය එහි සේවයේ නියුතු නියාමකවරයෙකු නමින් මිලදීගෙන ඔහු සමග පදිංචිව සිටින බවත් ඒ සඳහා මාසිකව රුපියල් 40000ක් ලබාදෙන බවත් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ පොලිස් පරීක්ෂක ජනිත කුමාර මහතා වෙත තොරතුරු ලැබී තිබූ බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාටබඩු ෙකාෙහන‍්ද