(අංජුල මහික වීරරත්න)
රට ලෝකයත් සමග ඉදිරියට ගෙනයාමට අවශ්‍ය නම් ඒ සඳහා අණ පනත් සම්මත කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
දේශපාන පක්ෂ දියුණුකර ගැනීමට පෙර මුලින්ම තමන්ගේ රට දියුණුකර ගත යුතු බව අබෙිවර්ධන මහතා කීය.
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ගැන ඇතැම් දේශපාලන නායකයින් විවිධ කතා කියන බව පැවසූ අබෙිවර්ධන මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම අනෙකුත් මූල්‍ය ආයතන සමග සාකච්ඡා මාර්ගයෙන් ඇති වූ ආර්ථික වෙනස්කම් සහ අවසාන ඉලක්කයන් ජයගෙන තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබඳ නැවත පාර්ලිමේන්තුව සිහි කැඳවිය යුතුව තිබෙන බව අබෙිවර්ධන මහතා පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අබෙිවර්ධන මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්නත් මෙයාට පාර්ලිමේන්තුවට යන්න පුළුවන්ද හිතලා බලන්න. කිසිසෙත්ම බැහැ. මේ මිනිස්සු එයාලා හිතනවාට වඩා ජනතා අප්‍රසාදයට පත්වෙලා ඉවරයි...!
කොටින්ම කීවොත් දියුණු කරන්න පක්ෂයකුත් නෑනේ. පොහොට්ටුවට ජැක් ගහගෙන ඉන්නවා මිසක්... රට දියුණු කරන්න අවුරුදු 72ක් දුන්නා මදිද, තව අවුරුදු 25ක් ඉල්ලන්නේ? මහ බැංකුව කොල්ලකෑවේ අපිද? ලබා ගත්තු ණය ට්‍රිලියන 13 න් 11 ක් හොරකම් කරලා කියන්නේ අපි නෙවෙයි, විගණන දෙපාර්තමේන්තුව. ඒකයි ඔබලා ඡන්දෙන් ගෙදර යැව්වේ. පොහොට්ටුවේ නිහීන කමට පිනට පත් කළේ අපේ කැමැත්ත නැතිව. අමන කතා කියන්නේ නැතිව ඉන්න...!
මෙයා උඩින් පාත් වෙලා. පහුගිය කාලේ කොච්චර හම්බ කරගත්තාද? තමුන් නම් හොඳටම දියුණු වෙලා බව රටම දන්නවා. ගාල්ලේ අයගෙන් ඇහුවාම කියයි. එදා හිටි හැටිත් දැන් තියෙන දේපොලත්ගැන...
ඒකම තමා මහත්තයෝ අපිත් කියන්නේ...!
පිනට ඇවිල්ලා කයිය ගහන අය තව මාස 06කින් ඉවරයි...