IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පක්ෂ දියුණු කරන්න පෙර රට දියුණු කළ යුතුයි

(අංජුල මහික වීරරත්න)

රට ලෝකයත් සමග ඉදිරියට ගෙනයාමට අවශ්‍ය නම් ඒ සඳහා  අණ පනත් සම්මත කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

දේශපාන පක්ෂ දියුණුකර ගැනීමට පෙර මුලින්ම තමන්ගේ රට දියුණුකර ගත යුතු බව අබෙිවර්ධන මහතා කීය.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ගැන ඇතැම් දේශපාලන නායකයින් විවිධ කතා කියන බව පැවසූ අබෙිවර්ධන මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම  අනෙකුත් මූල්‍ය ආයතන සමග  සාකච්ඡා මාර්ගයෙන් ඇති වූ ආර්ථික වෙනස්කම් සහ අවසාන ඉලක්කයන් ජයගෙන තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබඳ නැවත පාර්ලිමේන්තුව සිහි කැඳවිය යුතුව තිබෙන බව අබෙිවර්ධන මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අබෙිවර්ධන මහතා මේ බව කීය.

 

 



අදහස් (5)

පක්ෂ දියුණු කරන්න පෙර රට දියුණු කළ යුතුයි

Buddika Sunday, 28 January 2024 10:47 AM

මොනවා කරන්නත් මෙයාට පාර්ලිමේන්තුවට යන්න පුළුවන්ද හිතලා බලන්න. කිසිසෙත්ම බැහැ. මේ මිනිස්සු එයාලා හිතනවාට වඩා ජනතා අප්‍රසාදයට පත්වෙලා ඉවරයි...!

:       1       25

PATTA hora Sunday, 28 January 2024 10:57 AM

කොටින්ම කීවොත් දියුණු කරන්න පක්ෂයකුත් නෑනේ. පොහොට්ටුවට ජැක් ගහගෙන ඉන්නවා මිසක්... රට දියුණු කරන්න අවුරුදු 72ක් දුන්නා මදිද, තව අවුරුදු 25ක් ඉල්ලන්නේ? මහ බැංකුව කොල්ලකෑවේ අපිද? ලබා ගත්තු ණය ට්‍රිලියන 13 න් 11 ක් හොරකම් කරලා කියන්නේ අපි නෙවෙයි, විගණන දෙපාර්තමේන්තුව. ඒකයි ඔබලා ඡන්දෙන් ගෙදර යැව්වේ. පොහොට්ටුවේ නිහීන කමට පිනට පත් කළේ අපේ කැමැත්ත නැතිව. අමන කතා කියන්නේ නැතිව ඉන්න...!

:       1       22

චන්දන Sunday, 28 January 2024 01:28 PM

මෙයා උඩින් පාත් වෙලා. පහුගිය කාලේ කොච්චර හම්බ කරගත්තාද? තමුන් නම් හොඳටම දියුණු වෙලා බව රටම දන්නවා. ගාල්ලේ අයගෙන් ඇහුවාම කියයි. එදා හිටි හැටිත් දැන් තියෙන දේපොලත්ගැන...

:       1       10

පුරවැසියා Sunday, 28 January 2024 01:34 PM

ඒකම තමා මහත්තයෝ අපිත් කියන්නේ...!

:       1       9

Rata Perata Sunday, 28 January 2024 02:28 PM

පිනට ඇවිල්ලා කයිය ගහන අය තව මාස 06කින් ඉවරයි...

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site