ඝාතන තැතක් වරදී:කඩු ගිනි අවි සමඟ දෙකක් මාට්ටු පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සදහා ටී 56 වර්ගයේ ගිනි අවියක්, රැගෙන මෝටර් රථයකින් යමින් සිටී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස දූෂණ මර්ධන වැටලීම් ඒකකය පවසයි . 30 January 2024
බැංකු පනත සංශෝධනයට 1988 අංක 30 දරණ බැංකු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 January 2024
නවක වදය ගැන පැමිණිලි අසූ දෙකක් නවක වද සිද්ධීන් දැනුම් දීම සඳහා ආරම්භ කරන ලද ක්ෂණික දුරකතන අංකයට පැමිණිලි අසූ දෙකක් ලැබී ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් මහතා පැවසීය 30 January 2024
‘වැට්’ සහතිකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි ව්‍යාපාරවලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ‘වැට්’ ලියාපදිංචි සහතිකය අදාල වන්‍යාපාර ආයතනය තුළ පැහැදිළිව ප්‍රදර්ශනය වන ලෙස ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 30 January 2024
‘ටික් ටොක්’ කරන්න ගිහින් රෝහලින් නවතියි ටික් ටොක් සඳහා ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් යතුරුපැදි ධාවනය කළ තරුණයන් දෙදෙනෙක් හොරණ කෝරලඉම ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරට ලක්වූ බව මොරගහහේන පොලිසිය කියයි 30 January 2024
මහ කන්නයේ වී ගන්න වැඩසටහනට කැබිනට් අනුමැතිය 2023/24 වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 January 2024
ලංවීමෙන් දැනුම් දීමක් විදුලි පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය නව ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දුන් බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 30 January 2024
කෘෂි විද්‍යා විභාග අපේක්ෂකයන්ට දැනුම් දීමක් ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් අවංලගු කළ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින විභාග අපේක්ෂකයන්ට ඒ සඳහා ප්‍රවේශ පත්‍රය www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. 30 January 2024
‘නිදහස්’ පැරෂුට් අනතුරෙන් හමුදාවේ 4 ක් රෝහලට නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකළ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. 30 January 2024
ජීවන වියදම පහළ දමන්නැයි පන්දම් විරෝධයක් ජීවන වියදම පහත දමන ලෙස ඉල්ලා ජාතික ජනබල වේගය පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අනුරාධපුර,ශ්‍රාවස්තිපුර හන්දියේදි පැවැත්වුණි. 30 January 2024
මත් කරල් සමඟ අයෙක් අල්ලයි මන්නාරම සාවුත් භාර ප්‍රදේශයේදී මත්කරල් 31 390 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලිසිය පවසයි. 30 January 2024
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයෙන් පසු ගිනි අවි රැගෙන ගිය දෙදෙනා මාට්ටු බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ගය අසලදී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු ඝාතනය කිරීමෙන් අනතුරුව ඝාතනයට යොදාගත් ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හක්මන පොලිසිය පවසයි. 30 January 2024
පළාත් කිහිපයකට අදත් විටින් විට වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,මුලතිව්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 January 2024
බදු පොලු තැබූ මත්පැන් සමාගම් 9 ට වැඩ වරදී සුරාබදු ගෙවීම දිගින් දිගටම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට හිග බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස දැනුම් දුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය. 30 January 2024
ලෙඩුන් සූරා කෑ පෞද්ගලික රෝහලට දඩයක් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය රුපියල් 25000/-ක දඩයක් නියම කළාය. 29 January 2024
පියාගේ පොලිස් පට්ටම විකුණන්න ගිය දුව අත්අඩංගුවට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ දියණියක බව පවසා ගන්දර පොලීසියේ සැරයන්වරියකට පහර දී අසභ්‍ය වචනයයන් බණවැදී කලහකාරීව හැසිරුණු බව කියන 31හැවිරිදි තරුණියක සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි. 29 January 2024
සෆාරි ජීප් ගාස්තුත් ඉහළ දමයි යාල සහ බූන්දල වන උද්‍යානවල සංචාරක සේවා ජීප් රථ ගාස්තුව රුපියල් 2,000 කින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙබරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් යාල සෆාරි ජීප් සංගම් එකමුතුවේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා අද (29) පැවසීය. 29 January 2024
චන්ද්‍රිකාගේ නායකත්වයෙන් නව සංධානයක් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් නව සංවිධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අද (29) සාකච්ඡා කෙරුණු බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 29 January 2024
කෝටි 1500ක අපනයන ආදායමක් මෙරට පසුගිය වසරේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් කෝටි 1500 කට (බිලියන 14.94) ආසන්න බව අපනයන සංවර්ධන මණ්ඩලය පැවසීය. 29 January 2024
ලොරෙන්සෝ පුතා බේරා ගැනෙති අරාබි මුහුදේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ‘ලොරෙන්සෝ පුතා 4‘ බහුදින යාත්‍රාව සහ ධීවරයන් 6 දෙනා අද (29) නිරුපද්‍රිතව බේරාගෙන සීෂල්ස් රාජ්‍යෙය් වික්ටෝරියා නගරයට රැගෙන ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් වී.ජී. වික්‍රමසූරිය මහතා පැවැසීය. 29 January 2024
උරුමයෙන් ගොවි පවුල් ලක්ෂ 20කට ඔප්පු උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ලබාදෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. 29 January 2024
ජනරාල් දයා රත්නායක සජබට ජනරාල් දයා රත්නායක මහතා කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්්‍යාලයේදී අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය. 29 January 2024
කණුවක් වැටී සිසුවා මරුට දොඹගහවෙල මහරාවේ නිවසක වැරන්ඩාවේ සිටුවා තිබූ කොන්ක්‍රීට් කණුවක් හිසමතට වැටී දස හැවිරිදි පාසල් දරුවකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි. 29 January 2024
ශත 18ක් හිඟ වෙලා විදුලියත් කපලා විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා පවසයි. 29 January 2024
නිදහස් සැමරුමට රථවාහන සැලැස්මක් 76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු පුහුණුවීම් සදහා කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසිය. 29 January 2024
මරණයේදී ප්‍රීති වන දේශපාලන සංස්කෘතියක්? බුදුන්වහන්සේ සියලු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගි වෙත්වා යනුවෙන් මිස අනුන්ගේ මරණයේදී ප්‍රීතිඝෝෂා නගන්නට දේශනා නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අද (29) පැවසීය. 29 January 2024
මහින්දට - තිලංගට තනතුරින් යන්නැයි මෛත්‍රී කියයි මහින්ද අමරවීරට හා තිලංග සුමතිපාලට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දැනුම් දී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 29 January 2024
විශ්ව බුද්ධි පෙර ඇප මත මුදා හරී රත්නපුරේ විමල බුද්ධි නොහොත් ’’විශ්ව බුද්ධි මුනි’’ නමින් පැවිදිව සිටියදී සුනඛයෙකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන ’’ ටික් ටොක්’’ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරී රොෂාන් රණසිංහට තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සැකකරු පෙර ඇප මත මුදා හැරීමට අද (29) නියෝග කළේය. 29 January 2024
නවක වද සිද්ධියේ සිසුන්ට ඇප සබරගමු ව්ශ්ව විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් වු සිසුවියකට නවක වදය දිම සම්බන්ධව සමනලවැව පොලිසියට ලද පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගනු ලැබූ සිසුන් හය දෙනකු සහ සිසුවියක රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප මත මුදාහැරීමට බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්දිගෝ මහත්මිය නියෝග කළාය. 29 January 2024
ජගත් මනුවර්ණනට ජගත් සම්මානයක් 22 වන ඩකා අන්තර්ජාතික සම්මාන උළෙලදී හොඳම ආසියානු සිනමා අධ්යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රි ලාංකික චිත්‍රපටි අධ්‍යක්ෂක ජගත් මනුවර්ණ සමත්විය. 29 January 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026