
(මුදිතා දයානන්ද)
මහින්ද අමරවීරට හා තිලංග සුමතිපාලට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දැනුම් දී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
නව සන්ධානයක් ගොඩනැගීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම භාවිතා කිරිමට මෙම ලේකම් ධූරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් බලපාන බැවින් මෙම දැනුම් දීම සිදුකර ඇති බවද වාර්තාවේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් දූරයේ කටයුතු කරමින් සිටියදී පක්ෂයේ මතයට පටහැනිව යමින් මහින්ද අමරවීර මහතා ආණ්ඩුවට එකතු වී ඇමති දූරයක් භාර ගත්තේ යැයි ඔහුව එම දූරයෙන් ඉවත් කිරිමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.
හිස්වූ ලේකම් දූරයට පසුව තිලංග සුමතිපාල මහතා පත්කරනු ලැබීය. මෙම තීරණයට එරෙහිව මහින්ද අමරවීර මහතා අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර මහලේකම්වරු දෙදෙනාම පිළිනොගන්නා බවට මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බවද වාර්තාවේ.
නව සන්ධානය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම භාවිතා කරන්නේ නම් මොවුන් දෙදෙනාම ඉවත්ව නව මහලේකම්වරයෙකු පත් කළ යුතුව ඇති බවද ඒ අනුව ඉහත දැනුම් දීම සිදුකර ඇති බවද එයට අමරවීර හා සුමතිපාල මහත්වරු දෙදෙනාම එකග වී ඇති බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාටත් ටික කාලයයි තව තියෙන්නෙ. ඉල්ලා අස් වෙන්න. නෙමේ වහ කන්න වෙන්නෙ මහ ලොකු පක්ශෙ. මීහරක් ටිකටයි. පක් ශෙටයි. කිසිම හෙනයක් පාත් වුනේ නැහැ. රටයි ජනතාවටයි තම්ස්‍යි යන එනමන් නැති වුනේ. බොරුවට පක්ශයක් බදාගන. ජනාෆ්හිපති වෙලත් කෙරුවේ පක්ශේආරක්ශා කරපු එකා මහින්දයව හොරෙන් ගෙනත්. වෙන රටකනම්. මේකාව හිරේ දානවා. කරපු දේවල් වලට. පබ්‍යා