(ලසන්ත නිරෝෂණ පෙරේරා  සහ වයි.ඒ.එස්.වීරවංශ )

සබරගමු ව්ශ්ව විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් වු සිසුවියකට නවක වදය දිම සම්බන්ධව සමනලවැව පොලිසියට ලද පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගනු ලැබූ සිසුන් හය දෙනකු සහ සිසුවියක රුපියල් ලක්ෂය  බැගින් වන ශරීර ඇප මත මුදාහැරීමට බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්දිගෝ මහත්මිය නියෝග කළාය.

සබරගමු ව්ශ්ව ව්ද්‍යාලයේ සමාජ සහ භාෂා අධ්‍යන අංශයේ සිසුන් හත් දෙනෙකු  සමනලවැව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ නවක වදය දුන්නේ යැයි සදහන් පැමිණිල්ල විභාග කිරිමට පොලිසියට කැදවු අවස්ථාවේදී බව පොලිසිය පවසයි .