IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රතු මුහුදේ අර්බුදයෙන් කොළඹ වරායේ මෙහෙයුම් කඩිනම් කරයි

(යොහාන් භාසුර)

මැදපෙරදිග රතු මුහුද ආශ්‍රිතව ඇති වී තිබෙන අර්බුද තත්වය හේතුවෙන් කොළඹ වරායට ළගා වන නෞකාවන් ප්‍රමාණය වැඩි වී ඇති බවත් ඒ අනුව බහලු මෙහෙයුම් ධාරිතාවය ඉහළ ගොස් ඇති බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මැදපෙරදිග කලාපයේ යුද තත්වය හේතුවෙන් රතු මුහුද හරහා සූවස් ඇල ඔස්සේ යාත්‍රා කෙරෙන වෙළඳ නෞකාවන්ට සිදුව ඇති ත්‍රස්ත තර්ජන හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස නෞකා කොළඹ වරායට ගෙන්වා ගැනීමට නෞකා සමාගම් පෙළඹී ඇති බවත් මෙම හේතුවෙන් අද දවසේ වරාය තුළ නෞකා 24 ක් සඳහා නැංගුරම්පළ පහසුකම් සපයා ඇති බවත් ඒ මහතා කීය.
ඊට අමතරව වරායෙන් පිටත නැංගුරම්පොළ බලාපොරොත්තුවෙන් නෞකා 10 ක් පමණ සිටින බවත් අමාත්‍යවරයා කීය.
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ විශේෂ නිරික්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව එසේ පැවසීය. 



අදහස් (6)

රතු මුහුදේ අර්බුදයෙන් කොළඹ වරායේ මෙහෙයුම් කඩිනම් කරයි

රංබොඩ Sunday, 28 January 2024 02:43 PM

ලද අවස්ථාවෙන් කවුරුත් එකතුවෙලා රටට ආදායමක් උපයා ගනී කියලා විශ්වාස කරමු...!

:       0       32

PATTA hora Sunday, 28 January 2024 02:48 PM

දැන් ගිහින් නිදාගන්න. ඇවිදලා අමාරු ඇතිනේ. ජපන් එම්බසිඩර් එහෙම මුණ ගැහුනේ එහෙම නැතිද?

:       8       21

නිදිකුම්බා පී දහනක Sunday, 28 January 2024 04:03 PM

මොවුන්නැව් අරගෙන මෙහේ මොකට එනවාද? මට මේ නිදාගන්නවත් නෑ. කාර්යභාරයක් නැති ඇමැතිකමක් දෙන්න ඕනේ කෙනෙකුට රටේ ර්මමස්ථාන අයත් ඇමැතිකම දීලා. ඉතිං රටක් ගොඩ යයිද? දැන් මේ නැව් නවත්තන්න නැව් වලින් කොමිස් ඉල්ලනකොට තමයි ඔවුන්ට රතු මුහුද හොඳයි කියලා හිතෙයි...!

:       6       23

Roshan Sunday, 28 January 2024 04:37 PM

ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් නිදාගන්නේ නැති කෙනෙකුට ඕක බාර දීලා ටික දවසකට පොඩ්ඩක් පැත්තකට වෙලා නිදාගන්න...

:       4       13

Kumar Monday, 29 January 2024 07:00 AM

ඔය කියන කථාව ඇත්ත නම් හොඳටම හොදයි. නමුත් සුවස් ඇල වසා තිබුන කාලය තුල නැව් පැමිණීම අඩු වුනා.

:       0       0

Dolawaththa Monday, 29 January 2024 10:44 AM

ගිහිල්ල නිදා ගනින් මිනිහෝ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site