(යොහාන් භාසුර)
මැදපෙරදිග රතු මුහුද ආශ්‍රිතව ඇති වී තිබෙන අර්බුද තත්වය හේතුවෙන් කොළඹ වරායට ළගා වන නෞකාවන් ප්‍රමාණය වැඩි වී ඇති බවත් ඒ අනුව බහලු මෙහෙයුම් ධාරිතාවය ඉහළ ගොස් ඇති බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මැදපෙරදිග කලාපයේ යුද තත්වය හේතුවෙන් රතු මුහුද හරහා සූවස් ඇල ඔස්සේ යාත්‍රා කෙරෙන වෙළඳ නෞකාවන්ට සිදුව ඇති ත්‍රස්ත තර්ජන හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස නෞකා කොළඹ වරායට ගෙන්වා ගැනීමට නෞකා සමාගම් පෙළඹී ඇති බවත් මෙම හේතුවෙන් අද දවසේ වරාය තුළ නෞකා 24 ක් සඳහා නැංගුරම්පළ පහසුකම් සපයා ඇති බවත් ඒ මහතා කීය.
ඊට අමතරව වරායෙන් පිටත නැංගුරම්පොළ බලාපොරොත්තුවෙන් නෞකා 10 ක් පමණ සිටින බවත් අමාත්‍යවරයා කීය.
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ විශේෂ නිරික්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලද අවස්ථාවෙන් කවුරුත් එකතුවෙලා රටට ආදායමක් උපයා ගනී කියලා විශ්වාස කරමු...!
දැන් ගිහින් නිදාගන්න. ඇවිදලා අමාරු ඇතිනේ. ජපන් එම්බසිඩර් එහෙම මුණ ගැහුනේ එහෙම නැතිද?
මොවුන්නැව් අරගෙන මෙහේ මොකට එනවාද? මට මේ නිදාගන්නවත් නෑ. කාර්යභාරයක් නැති ඇමැතිකමක් දෙන්න ඕනේ කෙනෙකුට රටේ ර්මමස්ථාන අයත් ඇමැතිකම දීලා. ඉතිං රටක් ගොඩ යයිද? දැන් මේ නැව් නවත්තන්න නැව් වලින් කොමිස් ඉල්ලනකොට තමයි ඔවුන්ට රතු මුහුද හොඳයි කියලා හිතෙයි...!
ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් නිදාගන්නේ නැති කෙනෙකුට ඕක බාර දීලා ටික දවසකට පොඩ්ඩක් පැත්තකට වෙලා නිදාගන්න...
ඔය කියන කථාව ඇත්ත නම් හොඳටම හොදයි. නමුත් සුවස් ඇල වසා තිබුන කාලය තුල නැව් පැමිණීම අඩු වුනා.
ගිහිල්ල නිදා ගනින් මිනිහෝ