(ලලිත් නවරත්න සහා හිරාන් ප්‍රියංකර)

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද 28 ආරච්චිකට්ටුව රාජකදලුව ශුද්ධවු පවුලේ දේවස්ථාන සුසාන භූමියේදී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් අද සවස සිදු කෙරිණි.

ආරච්චිකට්ටුව ඔහුගේ නිවස තිබූ ස්ථානයේ විශේෂයෙන් සකස් කළ කුටියක් තුළ සර්ව ආගමික කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ආගමික දේශන හා පක්ෂ විපක්ෂ කතා සහ ශෝක ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් අනතුරැව දේහය පාගමනින් රාජකදලුව දේවස්ථානය වෙත ගොස් දිව්‍යයාගයකින් අනතුරැව රාජකදලුව සුසාන භූමියේ භූමිදානය කෙරිනි.

මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුලු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පළාත් සභා හා ප්‍රාදේශී සභා මන්ත්‍රී වරුන් සහ විශාල ජනකායක් සහභාගී වූහ.

ඡායා හිරාන් ප්‍රියංකර සහ ලලිත් නවරත්න