( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රහසිගතව භාවිතා කළ ජංගම දුරකථනයක් රැගෙන වැලිකඩ බන්ධනාගාරයෙන් පලා ගොස් සිටි රැදවියකු පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
බස්නාහිර පළාත් බුද්ධි ගල්කිස්ස කොට්ඨාසයේ බුද්ධි තොරතුරු මෙහෙයුම් නිලධාරීන්ට යුක්තියේ මෙහෙයුමට සමගාමීව ලද තොරතුරකට අනුව රැඳවියා අත්අඩංගුවට ගෙන තිබිණි.
අයිස් මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් හා අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවකට බොරලැස්ගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඉකුත් දෙසැම්බර් 12 වැනි දින අත්අඩංගුවට ගෙන නුගේගොඩ ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර සිටි රැඳවියා තව දින කීපයකින් නිදහස් වීමට සිටි තැනැත්තකු බව පොලිසිය සඳහන් කරයි.
මෙම රැදවියා ඇතුළු තවත් කීපදෙනකු බන්ධනාගාරයේ ඉදිරිපිට කිසියම් කාර්යයක් සඳහා යොදවා සිටියදී ඔහු ජංගම දුරකථනයක් රැගෙන ඉකුත් 19 දින පලා ගොස් තිබූ බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd