(සුජිත් හේවාජුලිගේ )
ජනපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ දේශපාලඥයන්ගේද රාජ්‍ය සේවයේ නියුක්තව එක් ලක්ෂ පනස් දහසක පමණ වන මාණ්ඩලික ශ්‍රේණි වලට අයත් රාජ්‍ය සේවකයන්ගේ සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සැලසුම් කර ඇත
මේ අනුව අල්ලා හෝ දූෂණ චෝදනා නව පනත මගින් ක්ෂේත්‍ර තිස් එකකට අයත් තැනැත්තන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට සෑම වසරකම මාර්තු 31 වැනිදාට පෙර බාරදීම අනිවාර්ය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවකයන් වත්කම්, බැරකම් ප්‍රකාශ දිය යුතුයි කියන එක අළුත් දෙයක් නෙවෙයි. ඒක කාලෙක පටන් ක්‍රියාත්මකයි...!
බොහෝම හොඳ ආරම්භයක්... රට හදන්න හොඳ අඩිතාලමක්...
මේවා එදා ඉඳලාම තිබුණා. අලුතින් කරන්න හදන ඒවා ලොකුවට ලියනවට වැඩිය හොඳයි පසුගිය කාලේ ඒවා හරියට කරලා තියෙනවද කියලා ගවේශණයක් කළානම්..
පාර්ලිමේන්තුවේ ඉන්න තක්කඩි ටික දෙයි ඕං කියලා. මෙච්චර කාලයක් නොදුන්නා කියලා ඔවුන්ට විරුද්ධව ගත්තු පියවර මොකක්ද?
නිකං මිනිස්සු රවට්ටන්න කරන දේවල්. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එක හොරෙක්වත් දෙන්නේ නෑ. නොදුන්නා කියලා ප්‍රශ්නෙකුත් නෑ. පොඩි මිනිහටයි ඔක්කොම නීති.
වත්කම් බැරකම් සම්බන්ධ තොරතුරු මුල් පත්වීම් ලබන අවස්ථාවෙ සියලු දෙනාගෙන්ම ගන්නවා. ඒත් වර්ෂයක් පාසා ගන්නෙ මාණ්ඩලික මට්ටමේ නිළධාරින්ගෙන් පමණයි. මෙම වාර්තාව අනුව කියලා තියෙන්නෙ අලුතින් එයට ඇතුලත්කල අයගැන විස්තර කියන්න පුළුවන් .කොහොම වුනත් වාර්ෂිකව ගන්නා වත්කම් බැරකම් වාර්තා ඒ ඒ කාර්‍යාල වල තැන්පත්ව තියෙනවා මිස ඒවා වාර්ෂිකව පරීක්ෂා කර වැරදි කරුවන්ට දඩුවම් දෙන ක්‍රමයක් තවමත් නැහැ .එනිසා මේවා පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් සකසනවා නම් හොදයි .එහෙම කණ්ඩායමක් හදනවා නම් එම කණ්ඩායමේ අයගේ වාර්තා විගණන නිළධාරි විසිනුත් එම විගණන නිළධාරිගේ වාර්තා වත්කම් බැරකම් පාරීක්ෂණ නිළධාරි විසිනුත් කලොත් තමයි හොද ,පාර්ලිමේන්තුවේ මැති ඇමති වාර්තා වුනත් වාර්ෂිකව පරීක්ෂා කරන්න ඕන ඔවුන්ගේ නාමයෝජනා අවස්ථාවේ පෙර වාර්තා හා අලුත් වාර්තා බලන්න ඕන එහෙම නැතුව ගන්නන් වාලේ අරගෙන ප්‍රයෝජනයක් නැහැ