(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරමින් ආයතන දෙකෙන්ම දීමනා සහ ප්‍රවාහන පහසුකම් ලබාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ඔහු මෙසේ කටයුතු කර ඇතැයි පැවසෙන්නේ 2016 ජනවාරි සිට 2013 දෙසැම්බර් දක්වා කාල පරිච්ඡේදයේදීය.
මේ අනුව ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මාසික දීමනා වශයෙන් ලක්ෂ පනස් හතරකට වැඩි මුදලක් ලබාගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෘත්තීය පූර්ණ අධිකාරියේ සභාපතිවරයාට දන්වා ඇත.
කෙසේ වෙතත් පසුගිය වසරේ ජුලි මස 3 වැනිදා වනවිටත් විමර්ශන පවත්වා නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ දේශපාලු හෙංචයියලා බදුමුදල්වලට කරන හරිය... පොදු ජනයාගෙන් බදු අයකරන්න ඉස්සෙල්ලා දේශපාලුවන්ගෙන් බදු අයකරගත්තා නම්..? දැන් සැපද කියලා අහන්න තිබුණා නේද?
මධ්‍යම සංස්කෘතික අරමුදල නම් ඒක තමයි