(අංජුල මහික වීරරත්න)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වලට රුපියල් කෝටි පහක කෘෂි උපකරණ බෙදා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්මාන්තයට තරුණ ප්‍රජාව ආකර්ශනය කර ගැනීමේ පියවරක් වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන හතක ආරම්භ කළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන මේ වනවිට ඉතාමත් සාර්ථක ව ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
ජදුර කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයට හා කච්චිගල්ආර ඇඹුල් කෙසෙල් සැකසුම් කලාපයට ජලය ඉසින යන්ත්‍ර, පසු අස්වනු නාස්තිය අවම කරලීම සඳහා වන ප්ලාස්ටික් ඇසුරුම් උපකරණ, කෘෂි හානි වැලැක්වීම සදහා අවශ්‍ය වන ආරක්ෂිත දැල්, හා මුල්‍යමය වියදම් සඳහා අවශ්‍ය වන මුල්‍යමය ප්‍රතිපාදන ඇතුළු රුපියල් කෝටි පහක් වටිනා උපකරණ කට්ටල කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා බෙදා දුන්නේය.
මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ රට පාලනය කළ විවිධ ආණ්ඩු විසින් කළ වැරදි නිවැරදි කිරීමට යුගය උදාවී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ඡන්දයක් එනකල් බලාගෙන ඉන්නේ මෙච්චර කල් කරපු වැරදි නිවැරදි කරන්න.
ඇත්තද? එහෙනම් නිදහස ලැබුණු දා සිට දේශපාලනයෙන් මුදල් හොයපු අයගේ වත්කම් හා බැරකම් ටිකත් හොයන්නකෝ... ඊට පස්සේ එදාමෙදාතුර බදු අයකරගත්තා නම්...? කාටද ආඩම්බර..?
විවිධ ආණ්ඩු කළ වැරදි, නිවැරැදි කරන්නේ ජනතාවට ඇරලා. ඒකයි හැමෝටම තියෙන පුරස්නේ...
ඡන්දයක් එනකොට ඔහොම කතා අහලාම ඇතිවෙලා දැන්...!
ඡන්දයක් තිබ්බොත් ඕවා ජනතාව තීරණය කරයි... ඔහේලා නිකන් මහන්සි වෙන්න ඕනෑ නැහැ...