IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිටපු ප්‍ර.සභා මන්ත්‍රීට හෙල්මටයෙන් පහරදුන්නැයි අයෙක් අල්ලයි

(ප්‍රසාද් රුක්මල් ) 

පොදු ජන පෙරමුණේ මහියංගණ ප්‍රාදේශීය සභාවේ හිටපු මංත්‍රීවරයකු ගේ හිසට හෙල්මටයකින් පහරදී බරපතළ තුවාල සිදු කලැයි සැකපිට තරුණයකු අද  (28) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි .

හෙල්මටයකින් හිසට පහරදීම නිසා තුවාල ලැබු මහියංගණ මාපාකඩවැව දබගොල්ල ප්‍රදේශයේ පදිංචි   මහියංගණ ප්‍රාදේශීය සභාවේ හිටපු 42 හැවිරිදි  මංත්‍රිවරයා කන්දකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවද පොලිසිය කීය .

කන්දකැටිය බදුලුඔය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය පැවසීය .

මෙම හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රිවරයා කන්දකැටිය 21 හංදිය සිට කන්දකැටිය නගරය දෙසට රාත්‍රි යතුරුපැදියක ගමන් කරමින් සිටියදී පිටුපසින් යතුරුපැදියක පැමිණ ඇති සැකකරු මංත්‍රිවරයා ගේ යතුරුපැදිය ඉස්සර කර ගොස්  හෙබරගොඩ වංගුව අසලදී  එක්වරම මාර්ගය හරස් කර මංත්‍රිවරයා ගමන් ගත් යතුරුපැදිය නවතා ඇතැයි පොලිසිය සදහන් කළේය .

මෙහිදී දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු මෙසේ හෙල්මටයකින් මංත්‍රීවරයාගේ හිසට පහරදී  පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි .

 



අදහස් (1)

හිටපු ප්‍ර.සභා මන්ත්‍රීට හෙල්මටයෙන් පහරදුන්නැයි අයෙක් අල්ලයි

Bunny Preena Monday, 29 January 2024 10:05 AM

ලගදි චන්දයක් ප්‍රකාශයට පත්කරලයි කියලා එකට කරපු පෙරහුරුවක් වත්ද ??

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site