(ප්‍රසාද් රුක්මල් )
පොදු ජන පෙරමුණේ මහියංගණ ප්‍රාදේශීය සභාවේ හිටපු මංත්‍රීවරයකු ගේ හිසට හෙල්මටයකින් පහරදී බරපතළ තුවාල සිදු කලැයි සැකපිට තරුණයකු අද (28) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි .
හෙල්මටයකින් හිසට පහරදීම නිසා තුවාල ලැබු මහියංගණ මාපාකඩවැව දබගොල්ල ප්‍රදේශයේ පදිංචි මහියංගණ ප්‍රාදේශීය සභාවේ හිටපු 42 හැවිරිදි මංත්‍රිවරයා කන්දකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවද පොලිසිය කීය .
කන්දකැටිය බදුලුඔය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය පැවසීය .
මෙම හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රිවරයා කන්දකැටිය 21 හංදිය සිට කන්දකැටිය නගරය දෙසට රාත්‍රි යතුරුපැදියක ගමන් කරමින් සිටියදී පිටුපසින් යතුරුපැදියක පැමිණ ඇති සැකකරු මංත්‍රිවරයා ගේ යතුරුපැදිය ඉස්සර කර ගොස් හෙබරගොඩ වංගුව අසලදී එක්වරම මාර්ගය හරස් කර මංත්‍රිවරයා ගමන් ගත් යතුරුපැදිය නවතා ඇතැයි පොලිසිය සදහන් කළේය .
මෙහිදී දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු මෙසේ හෙල්මටයකින් මංත්‍රීවරයාගේ හිසට පහරදී පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලගදි චන්දයක් ප්‍රකාශයට පත්කරලයි කියලා එකට කරපු පෙරහුරුවක් වත්ද ??