(සුජිත් හේවාජුලිගේ )
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) ඇතුළු කාරක සභ හතක මුල් පුටු ( සභාපති තනතුරු) වෙනස් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
පාර්ලිමේන්තු කමිටු අලුතින් පිහිටුවීමේදී ඒවායේ සභාපතිවරුන් ලෙස පත් කිරීමට සුදුස්සන් සම්බන්ධයෙන් රජය මේ දිනවල රහසිගතව කරුණු සොයා බලාගෙන යන බව ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
ඒ සම්බන්ධයෙන් රජයට දැනටමත් යෝජනා ගණනාවක් ලැබී ඇතැයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් පසුගිය 26 සිකුරාදා වාර අවසාන කරනු ලැබීමත් සමඟ කෝප් සහ කෝපා ඇතුළු කාරක සභා පනහකට වැඩි සංඛ්‍යාවක් අහෝසි වී ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd