
(අංජුල මහික වීරරත්න)
ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ගාල්ල සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගරයේ සහ ගාල්ල කොටුව ප්‍රදේශය අවට සංචාරය කරමින් එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය.
ගාල්ල කොටුවේ පිහිටි රාජ්‍ය ආයතන සහ කාර්යාල ගාල්ල කොටුවෙන් පිටතට ගෙන ඒමේ ක්‍රියාවලියේ ඇති මන්දගාමී ස්වභාවය පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව නිලධාරීන්ට අවධාරණය කළේය.
ගාල්ල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා අනෙකුත් සියලු ආයතන එක් ආයතනික ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට අවශ්‍ය සැලැසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද පැහැදිලි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට අදහස්නේ එන්නේ... කවද්ද ඔහේලා කොමිෂන් එකක් දීපු නිර්දේශ ක්‍රියාත්මක කළේ? කොමිසමකට යන වියදම් අපරාදේ... තමුන්ගේ හෙන්චයියෝ ටිකකට රස්සා දෙන්න හදන්නේ. අපි අහුවෙයි ඕවාට...
කොමිසමට දාගනින්ලා පට්ට නාකි ටිකක්, දකුණු පළාත්රාජ්‍ය සේවා කොමිසමට වගේ. ඒකේ සභාපතිගේ වයස අවුරුදු 79යි. අන්න ඒවායේ අය ටිකක් දා ගනින්ලා. ඔබලා ගෙවල්වල ඉන්න නාකි හැත්ත. ඇවිදගන්න බැරි අය. බොළඳ, බාල මුකුත්ම නොදන්න බබාලා.
මොන මගුලක්ද හැමවෙලේම සාක්කුව ඇතුලේ