
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ලබා දී ඇති ආධාර වැඩසටහනේ දෙවැනි සමාලෝචනය ආරම්භ කරන කාලය වනවිට ඉටු කිරීමට නව කැපවීම් 75 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
එසේම පසුගිය වසර අවසාන වනවිට ඉටු කළ යුතුව තිබූ කැපවීම් 27 ක ඉටු කළ යුතු දිනයන් වෙනස් කිරීමට හෝ දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන ඇතැයිද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
නොවැම්බර් මස අවසන් වනවිට ඉටුකළ යුතුව තිබූ කැපවීම් 73 න් 60 ක් ප්‍රමාදයක් සහිතව ශ්‍රී ලංකාව ඉටුකර ඇති බවත් ඉටුකර නොමැති කැපවීම් 13 න් 8 ක් ඉදිරියට ගෙන ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.ඉතිරි කැපවීම් 5 නැවත ඉටුකළ නොහැකි කැපවීම් වේ.
ඒ අනුව නව කැපවීම් 75 ක් පසුගිය වසර අවසාන වනවිට ඉටු කළ යුතුව තිබූ කැපවීම් 27 ක් සහ නොවැම්බර් මස අවසන් වනවිට ඉටුකළ යුතුව තිබූ කැපවීම් 8 ක් එකතු වී දෙවැනි සමාලෝචනය ආරම්භ කරන විට ඉටුකළ යුතු කැපවීම් 110 සැදී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිගා කන්න කැපවීම් කරන රටක් සහ එ ගැන අඩම්බරයෙන් කතා කරන පාලකයො. කොටස් වශයෙන් විකුන හිගා කෑ මුල් පියවමු.
අපේ මේ උතුම් රට හිඟා කන තත්වයකට ගෙන ඒම සඳහා රටේ සම්පත් ගෙඩි පිටින් ගහපු රාජපක්ෂ නඩය ගැන අමතක උන අය තමා මෙහෙම වන්දි බට්ට කතා කියන්නේ