2021 ජනවාරි මස 21 වන බ්‍රහස්පතින්දා
0 75
ජාතික ආරක්ෂාව වෙනුවෙන් බලය ඉල්ලා සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධය පැවති සමයේ මඩකළපුව ආඥාපති ලෙස කටයුතු කරමින් සිටියදී යුද්ධයට බියෙන් ඇමරිකාවට පලා ගිය බව කම්කරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පැවැසීය.
0 63
ප්‍රේමදාස යුගයක් ගැන කතා කරමින් නැවත භීෂණකාරී යුගයකට රට ගෙන යෑමට එක්සත් ජාතික පක්ෂය උත්සහ ගන්නා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (08) ඇල්පිටියේදී පැවසීය.
0 66
සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තම ප්‍රතිපත්ති ප්රකාශනය සකස් කරන බව එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
1 67
අද වනවිට විපක්ෂයේ බංකොලොත් දේශපාලකයින් හා වෙනත් කණ්ඩායම් වරදින වචනයක් දෙකක් අල්ලගෙන පහරපිට පහර එල්ලකරන මට්ටමකට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
3 344
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ පොරොන්දු කිසිදා ඉටුකළ නොහැකි මායාකාරී ප්‍රකාශ පමණක් යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (3) පැවසීය.
0 74
ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීන්දුව ලබන 5 වැනිදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ගන්නා බවත්, එහිදී රට වෙනුවෙන් ගත හැකි නිවැරදිම තීන්දුව ගැනීමට සූදානම් බවත් එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
0 87
සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආණ්ඩුවක් යටතේ ගෝඨාභය රාජපක්ෂට ජම්පර් අන්දන බව කියනවා. මීට කලිනුත් ජම්පර් අන්දන්න හුඟාක් අය සූදානමින් හිටියා. අන්තිමට ඒ අයටම ජම්පර් අදින්න සිදුවූණා යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (26) පැවැසීය.
0 84
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට යන්නේ අතපය හතර බැඳ වතුරකට දැමූ ක්‍රමවේදයක් ලෙස බවත් අනිවාර්යෙන්ම එජාපයේ එක් කොටසක් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වළක්වාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.
0 97
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුව ප්රජාතන්ත්රවාදය නොතකන ලොවපුරා සිටින අධිපතිවාදී දේශපාලනඥයන්ට යස පාඩමක් යැයි හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ලංකාදීපයට අද (24) පැවැසීය.
0 70
මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කිරීමේ කටයුත්ත සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දකුණෙන් ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
0 62
එක්සත් ජාතික පෙරමුණින් කවුරු තරඟ කළද 60% ඉක්මවූ ඡන්ද ප්‍රතිශයක් දිනාගනිමින් ජය ලබන බව ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා රත්නපුර ප්‍රදේශයේදී පැවසුවේය.
0 85
ආර්ථිකය ගොඩනැංවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කරන්නේ දශක අටකට වඩා පැරණි හණමිටි ප්‍රතිපත්තියක් යැයි මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා අද (22) පැවැසීය.
0 65
අගමැතිවරයා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විධායක ජනාධිපතික්රමය අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (20) පැවැසීය.
0 83
දෙමළ ජාතික සන්ධානයේ සැබෑ නායකයා ආර්.සම්බන්ධන් නොව රනිල් වික්‍රමසිංහ බවත්, සන්ධානය වැඩකරන්නේ අගමැතිවරයාගේ පදයට බවත් උතුරු නැගෙනහිර පළාත් අමාත්‍ය, දෙමළ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක වරදරාජා පෙරුමාල් මහතා සඳහන් කළේය.
0 71
වීරෝධාර රණවිරුවන් කුණු කානු සුද්ද කිරීමට, මන්දිරවල වැඩට යෙදවූ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් අද රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා පැවැසීය.
0 73
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂක ලෙස යළිත් වරක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වුවහොත් සිරිසේන මහතා පරාජය කිරීම සඳහා කටයුතු කරන බව පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (13) පැවැසීය.
0 82
හාමුදුරුවෝ මට්ටු කරන්නට ගිහියන්ට බාර දෙනවා නම් රටට ආණ්ඩුවක් නොතිබිය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (13) වීරකැටිය කොන්දගල පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවසුවේය.
0 62
සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වීම කිසිදු කුමන්ත්රණයකින් වැළැක්විය නොහැකි බව අජිත් පී. පෙරේරා මහතා කොළඹදී අද (13) පැවැසීය.
0 59
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කොමිසන් සභා දෙකේ වාර්තා කඩිනමින් ප්‍රසිද්ධ කරන ලෙස තමන් අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
0 69
මහ මැතිවරණයේදී එකට තරග කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ මැතිවරණයට ඉදිරිපත් වන ‘ලකුණ‘ ගැන සාකච්ඡා කිරිමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (11) පැවසීය.
0 75
ජනාධිපතිවරයාගේ උපදෙස් නොතකා හරිමින් මුදල් පිළිබඳ අධීක්ෂණ කාරක සභාව හරහා මුදල් නීති සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට රජය උත්සාහ ගනිමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (10) පැවසීය.
0 62
කුමන ආකාරයේ වාද විවාද සංවාද තිබුණද ජනතා ඉල්ලීම අනුව ජනතාවගෙන් මතුවන නායකයෙක් තෝරාගැනීම සඳහා අවසන් තීන්දුව පක්ෂයේ සියලු දෙනා එකතු වී ගන්නවා ඇතැයි තමන් විශ්වාස කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (09) පැවසීය.
0 94
උතුරු පළාතේ සෑම උපදිසාපති කොට්ඨාසයකම කර්මාන්තපුර ආරම්භ කර කර්මාන්ත පුබුදුවක් ඇති කිරීමට කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (09) පැවසීය.
0 68
කුමන හේතුවක් නිසාවත් ජනාධිපතිවරණයේදී සිය දෙවැනි මනාපය කිසිවෙකුටවත් ප්‍රකාශ නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද(09) ‘ලංකාදීප’ යට කීය.
0 65
ජනාධිපතිවරණය සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් අපෙක්ෂකයකු ඉදිරිපත් කරන බවට සිදු කළ ප්‍රකාශය පුස් වෙඩිල්ලක් බව මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා (6) මාධ්‍ය අමතා පැවසිය.
0 65
“සම්බුද්ධ සාසනය ඉවරයි බේරගන්න කියලා විපක්ෂයේ කණ්ඩායම් චෝදනා කළාට අපි හදන චෛත්‍ය දහම් පියසවල් නවත්තන්න කටයුතු කරන ඔවුන්මයි සම්බුද්ධ ශාසනයට මහා විනාශ සිදුකරන්නේ” යැයි නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අද(05) පැවසීය.
6 1020
ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ආණ්ඩුව කුමන්ත්රණකාරී මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
0 83
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂත්වය ලබා නොදුනහොත් වෙනම පක්ෂයකින් තරග කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බව මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා අද (03) පැවසීය.
0 68
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් සියලූ දෙනා පොහොට්ටුව ඉදිරිපත් කළ අපේක්ෂකයාට වඩා සෑම අතින්ම ඉදිරියෙන් සිටින බවත් රනිල් සජිත් සුසංයෝගයෙන් ඉදිරි ජනාධිපතිවරණය පහසුවෙන්ම ජයගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පැවසීය.
8 327
“ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද මූල්‍ය කර්මාන්ත සහ සංචාරක කේන්ද්‍රස්ථානයක් පමණක් නොව අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට ද පත් කිරීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කර ඇතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුලියාපිටියේදී පැවැසීය.