IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘2015 දී අපට ලැබුණේ රාජ්‍ය බලයෙන් අරුක්කාලයි‘‘

(මොහොමඩ් ආසික්)

2015 ජනවාරි අට වැනිදා අපට ලැබුණේ රාජ්‍ය බලයෙන් අරුක්කාලක් පමණක් බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීය.

මහනුවර මහයියාව  ක්‍රීඩාංගණයේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  ප්‍රචාරක රැළියක් අමතමින්  පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා එසේ කීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

        ‘‘2015 ජනාවාරි අට වැනිදා  පැවැති  ජනාධිපතිවරණයේදී අපට ලැබුණේ රාජ්‍ය බලයෙන් අරුක්කාලයි. රාජ්‍ය බලයට අයත්ව  තියෙනවා ආණ්ඩු බලට, පළාත් සභා බලය, පළාත් පාලන ආයතන බලය ඒ වගේම ජනාධිපති බලය.  අපට  පළාත් සභාව තිබුණේ නෑ ,අපට නගර සභාව තිබුණේ නෑ .එදා අපි අපේ ප්‍රජාතාන්ත්‍රවාදී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ රාජ්‍ය බලයෙන් අරුක්කාලක් තියාගෙනයි.

නමුත් මේ සැරේ 16 වනදා ඡන්දය තියෙනවා. 17 වනදා ප්‍රතිඵල නිකුත් වෙනවා. සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙනවා. ලබන මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවලා පාර්ලිමේන්තු මැතිවරණයකට  යනවා.

ඒ වගේම පළාත් සභා ඡන්ද තියන්නත් බැරි වෙලා තියෙනවා. අපි පත් කර ගන්නා පාර්ලිමේන්තුවේ පළමු කාර්ය ලෙස පළාත් සභා ක්‍රමය සම්මත කර ගෙන පළාත් සභා නවයේම මැතිවරණය ඉතා ඉක්මනින් පවත්වන කොට මේ පළාත් සභා නවයේම ජය නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණට ලැබෙනවා.

ඉන් පස්සේ අවුරුදු පහකට ඡන්ද නෑ එතැන් පටන් මේ රට නව සංවර්ධන මාවතකට ගෙන යනවා. අපි ප්‍රජාතාන්ත්‍රවාදී වෙනස කරන ගමන්  අපිට මේ රටේ සැලකිය යුතු වැඩපිළිවෙළක් දියත් කරන්න පුළුවන් වුණා.

අරුක්කාලක බලයෙන් රජයේ සේවකයින්ට  වැටුප් වැඩි කළා. විශ්‍රාම වැටුප සියයට පණහකින් වැඩි කළා. මම එදා ඛණිජ තෙල් ඇමතිවරයා හැටයට ඉතිහාසයේ පළමු වතාවට තෙල් මිළ අඩු කළා. 

අදටත් භූමිතෙල් , පෙට්‍රල්, ඩීසල් මිල 2015 ට වඩා අඩුයි. අපි සමෘද්ධි  සහනාධාරය වැඩි කළා.  සමෘද්ධිය දෙන පිරිස වැඩි කළා.‘‘ යැයිද අමාත්‍ය  පාඨලී චම්පික රණවක මහතා මෙහිදී කීය.

 



අදහස් (0)

‘‘2015 දී අපට ලැබුණේ රාජ්‍ය බලයෙන් අරුක්කාලයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site