IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘සංචාරක ක්ෂේත්‍රය නව මාවතකට රැගෙන යනවා‘‘

(කාංචන කුමාර ආරියදාස)

අලුත් රටවල් වලින් මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා ඩොලර් මිලියන 10 ක ආර්ථික සංවර්ධන ඉලක්ක ගත කරගෙන තිබෙන බවත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

දඹුල්ල දබුලුගම පිටියේ අද (08) පැවැති ජනහමුවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් ,  හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම රැළිය සංවිධානය කැ තිබුණි.

සංචාරක  ක්ෂේත්‍රය කඩා වැටී තිබෙන බවත් ඒ අනුව සංචාරක ක්ෂේත්‍රය නව මාවතකට රැගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

සංචාරක දියුණුව ඇති කිරීම සඳහා ආගමන විගමන අංශ දියුණු කිරීම , ගුවන්තොටුපොළවල් තවදුරටත් දියුණු කිරීම , තම රජයක් යටතේ මැදිහත්ව කටයුතු කරන බවත් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ආර්ථිකය දියුණු කරනවාත් සමඟ දේශීය ලොකු ලූණු සඳහා ස්ථාවර මිලක් ලබාදීමටත් දඹුල්ල සහ ලොකු ලූණු වගා කරන ප්‍රදේශ රටටම අවශ්‍ය ලොකු ලූනු වගා කරන බල ප්‍රදේශයක් බවට නම් කරන බවත් හෙතෙම පැවැසීය.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බවත් සමෘද්ධී නොමැතිව අසරණ කම්කරු සේවයක් සිදු කරමින් ජීවත්වන පවුල් වල අයට ආබාධිත පවුල් වලට සහනයක් වශයෙන් මාසිකව වියළි ආහාර මල්ලක් ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම රැස්වීමට පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා, රෝහිත අබේගුණවර්ධන මහතා, උදය ගම්මන්පිල මහතා සහ විමල් වීරවංශ මහතා මෙම රැළියට සහභාගි වූහ.



අදහස් (0)

‘‘සංචාරක ක්ෂේත්‍රය නව මාවතකට රැගෙන යනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site