IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සිල්ලර පොරොන්දු අපේ කාන්තාවන්ට

(විනීතා එම් ගමගේ)

           

මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සේවා සුරක්ෂිතතාවය ඇතිකරන බවට පොරොන්දු වන සජිත් පේ‍්‍රමදාස මහතාට කිව යුතුව ඇත්තේ සිදුවිය යුත්තේ තව තවත් අපේ කාන්තාවන්ට වහල් සේවයට යන්නට පාර කැපීම නොව මැදපෙරදිග නොගොස් මේ රටේ ජීවත් වෙන්නට ආර්ථික ශක්තිය සකසා දීමට කටයුතු කිරීම යැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සම්මේලනයේ ලේකම් සුභානි අල්මේදා මහත්මිය පැවැසුවාය.

ජනගහනයෙන් වැඩි ප‍්‍රතිශතය වන කාන්තාවන්ට අවශ්‍ය වන්නේ කවර දේ දැයි නිවැරදිව හඳුනාගත හැකි  පාලකයන් රටට අවශ්‍ය යැයි ද ඇය පැවසුවාය.

මැදපෙරදිග වහල්කම තව තවත් නිත්‍යානුකූල කරනු වෙනුවට තමන්ගේ රටේ යමක් උපයමින් ජීවත් වෙන්නේ කෙසේ දැයි කියා දිය හැකි පාලකයෙක් රටට අවශ්‍ය යැයි ද අල්මේදා මහත්මිය පැවසුවාය. 

සිල්ලර පොරොන්දු වෙනුවට කාන්තාවක් ලෙස තමන් කැමති කේෂත‍්‍රයකින් ඉහළට යන්නට අවස්ථාව ලබාදීමත් ස්වාධීන පුරවැසියෙක් ලෙස ජීවත්වන්නට පසුබිම සැකසීමත් පමණක් හොඳටම ප‍්‍රමාණවත් යැයි ද ඇය කීවාය.

තමන් නියෝජනය කරන තරුණ පරපුර 90 දශකයෙන් එපිට අත්දැකීම් නොදන්නා නිසා ඒ ගැන කියා දෙන්නැයි වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින බව ද ඇය තවදුරටත් කියා සිටියාය.

සුභානි අල්මේදා මහත්මිය මේ අදහස් පළ කළේ ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.  



අදහස් (0)

සිල්ලර පොරොන්දු අපේ කාන්තාවන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site