(චමිල් රූපසිංහ)
යම් පුද්ගලයෙක් ප්‍රජාතන්ත්‍රවාදය කෙලසමින් මානව හිමිකම් කුඩු පට්ටම් කරමින් මමත්වය රජ කරවීමට උත්සහ කරනවා නම් රටට අත්වන සෙතක් නැතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ පාතදුම්බර ආසන සංවිධායක තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සංවිධානත්වයෙන් වත්තේගම නගර මධ්‍යයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
මාතෘ භූමියේ සියයට 90 කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ ධනබලයක් පවුල් බලයක් නොමැති සාමාන්‍යය ජනතාවක් බවත් මේ රටේ සාමාන්‍ය ජනතාව විශාල ගැටලු වලින් ජීවිතය ගත කරන බවත් ස්වශක්තියෙන්,ස්වෝත්සාහයෙන් අධිෂ්ඨානය ඇතිව ජීවන ගමන අමාරුවෙන් මොවුන් ගෙනයන බවත් දරුමල්ලෝ පෝෂණය කරගනිමින් ජීවන ගමනේ ප්‍රගතියක් ලබා ගැනීමේ අවස්ථාව එනකන් ලක්ෂ ගණනින් දශලක්ෂ ගණනින් ජනතාව බලාපොරොත්තු තබා ගෙන ඉන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.
ජනතාවට නව ආලෝකයක් නව බලාපොරොත්තුවක් ලබා දෙන්නට තමන් සූදානම් බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තනතුරු ලැබුණ ද තමන් වෙනස් නොවන බවත් එදත් අදත් ලබන මාසේ 16 වැනිදා ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගත් පසුවත් ජනතාවගේ පයට පෑගෙන දූවිල්ලටත් වැඩියෙන් නිහතමානීව පොදු ජනතාව රජ කරවන බවත් ඔහු පැවැසීය.
එහිදි අදහස් දැක්වු ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කිය.
‘‘මෙම මැතිවරණ කොට්ඨාසයේ බහුතරයක් ජනතාව සුළු අපනයන බෝග වගාවෙන් ජීවත් වෙනවා.ගම්මිරිස් ඇතුළු සුළු අපනයන බෝග වගාව මෙහි හොඳින් සිදු කෙරෙනවා.ඒ සඳහා හොඳ මිලක් නොමැතිව බොහෝ දෙනෙකු අසරණ භාවයට පත්ව සිටිනවා.මම ජනපති ධූරයට පත්වන 16 වන දිනට පසුදින ගම්මිරිස් ප්‍රතිඅපනයනය මුළු රටේම තහනම් කරනවා ගම්මිරිස් මෙන්ම සෙසු සුළු අපනයන බෝග වගාකරුවන්ට අලුත් රජය යටතේ හොඳ කලක් උදා කර දෙනවා.
රණවිරුවන් පාවාදී තමන්ගෙත් සහෝදරයාගෙති ඇග බේරා ගැනීමට කටයුතු කරන කාඩ්බෝඩ් දේශප්‍රේමියෙක් ජනපති පුටුවට ඔසවා තබන්නට මේ රටේ බුද්ධිමත් ජනතාව කිසිදු අයුරකින් තීරණය කරලා නෑ.ප්‍රතිවාදී අපේක්ෂකයාගේ දුර්වලතා සඟවමින් ඔහු ඔසවා තබන්නට ඇතැම් මාධ්‍යය කොපමණ උත්සහ කළත් ජනතාවගේ හදවත හඳුනන පොඩි මිනිසාට සලකන පොදුජනතාවගේ ජනපති ලෙස ජනතා ආශිර්වාදයෙන් ජනපති පුටුවට යාම කිසිවෙකුටත් වැළැක්විය නොහැකියි.‘‘ යැයි ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘‘ප්‍රජාතන්ත්‍රවාදය කෙලසමින් රජ වීමට උත්සහ කරනවානම් රටට අත්වෙන සෙතක් නෑ‘‘