(විනීතා එම් ගමගේ)
එක්සත් ජාතික පක්ෂයේ එකමුතු භාවය සඳහා යැයි කියමින් රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂය බදාගෙන සිටියොත් එයම පක්ෂයේ අභාවය වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා අද(17) ප‍්‍රකාශ කළේය.
පක්ෂ නායකත්වයේ හිඳිමින් පක්ෂයට ලැබෙන්නට තිබූ ජයග‍්‍රහණ රාශියක් අහිමි කළේ යැයි පාක්ෂිකයන් චෝදනා කරනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
ඉදිරි මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා කවුදැයි පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී තමන් ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙන්නට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට නොහැකි වී යැයි ද බණ්ඩාර මහතා පැවැසීය.
පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීම ගැන පාක්ෂිකයන් බොහෝ බලාපොරොත්තු තබා සිටි බවත් ජනතා අපේක්ෂාවන් ඉටු කළ නොහැකි නම් පක්ෂයට ඉදිරියට යාමට නොහැකි වනු ඇති බවත් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.
පාක්ෂික අවශ්‍යතාවය දන්නේ බිම් මට්ටමේ සිටින මන්ත‍්‍රීවරුන් බව කී මන්ත‍්‍රීවරයා පාක්ෂික අපේක්ෂාවන්ට සාධාරණය ඉටුකරන්නට තමන් බැ`දී සිටින බව ද කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා මේ අදහස් පළ කළේ විපක්ෂනායක කාර්යාලයේ අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘රනිල් එජාපය බදාගෙන සිටියාත් පක්ෂය අභාවයට යාවි’