IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘ජනපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති කොල කෑල්ලකට සීමා කරන්නේ නෑ‘‘

(චමිල් රූපසිංහ)

සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා අද (08) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගෙන මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

ජනපතිවරණය වෙනුවෙන් තමන් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශනය කොල කෑලි කිහිපයකට සීමා වූ හුදු ලියවිල්ලක් නොවන බවත් එය තමන් ජනතාව හා ඇතිකර ගනු ලබන සමාජ ගිවිසුමක් බවත් දුගී දුප්පත් ජනතාව මෙන්ම සමාජයේ විවිධ ස්ථරයන්ට අයත් සියලු ජන කොටස් ආමන්ත්‍රණය කරමින් සකස් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියේදී විධිමත් ආකාරයෙන්  ජනතාව හමුවේ තබන බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී කීය.

අප හැම තුළ අඩුපාඩු පවතින බවත් සුළු වචනයක් අල්ලා ගෙන තමන් විවේචනය කරන්නා වූ අයට එසේ කරන්නට හැකිව තිබෙන්නේ වත්මන් ආණ්ඩුව මාධ්‍යය නිදහස උපරිමයෙන් ආරක්ෂා කිරීමට ක්‍රියා කළ නිසා බවත් පසුගිය පාලන සමයේ මෙවැනි විවේචන කිරීමට හෝ ඒවා විකාශය කිරීමට ඉඩක්  මාධ්‍යය ප්‍රවාහය තුළ තිබුණේද යන ගැටලුව තමන් අසන බවත් එහිදී පැවසීය.

පසුගිය කාලයේ එත්නැලිගොඩට,ලසන්ත වික්‍රමතුංගට කීති නොයාර්ට,උපාලි තෙන්නකෝන්ට, කළ දේ කොපමණ විවේචන කළත් මේ ආණ්ඩුව යටතේ සිදු නොවන බවත් තව තවත් විවේචන කරන ලෙස තමන් ඒ සැමට කියන  බවත් ජනතාව අවශ්‍යය වේලාවට අවශ්‍යය තීරණය ලබාදෙනු ඇති බවද එහිදි සදහන් කළේය.

තමන්ගේ පාලනයක් යටතේ තව තවත් විවේචන ඉදිරිපත් කිරීම පිණිස උපරිම මාධ්‍යය නිදහසක් ඇති කරන බවද වැඩිදුරටත් පැවසුවේය.

ත්‍රිවිධ හමුදාව,පොලිසිය,සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සෙසු සියලු ආරක්ෂක අංශ වල වැටුප් විෂමතා දුරුකර තනතුරු සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීමට කඩිනම් පියවර ගන්නා බවත් පසුගිය ආණ්ඩුව රට දැය බේරාගත් රණවිරුවන්ට ඉපලෝගම රණවිරු ගම්මානය ඉදි කිරීමේදී නිවාස ලබාදී තිබෙන්නේ රුපියල් ලක්ෂ 08 බැගින් ලබාගෙන බවත් තමන් කිසි ලෙසකින් හෝ එසේ නොකරන බවත් කී ඒ මහතා ඔවුන්ට මාතෘ භූමියෙන් නොමිලේ ඉඩම් ලබාදී නිවාස තනා ගැනීමට ආධාර කරන බවත් සඳහන් කළේය.

තමන් ජනපති ධූරයට පත්ව ගෙවෙන පළමු පැය 24 තුළ රට නගන ජනපති කාර්ය සාධන බලකා රැසක් ඇති කරන බවත් රාජ්‍යය සේවයේ ඌනතා, විෂමාතා,ගැටලු හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදි ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ඇමැතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල,ගාමිණී ජයවික්‍රම පෙරේරා,ජේ.සී අලවතුවල,සුජීව සේනසිංහ,බුද්ධික පතිරණ,රංජිත් අලුවිහාරේ,මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක.රෝහිණි කවිරත්න,මහනුවර පුරපති කේසර සේනානායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 



අදහස් (0)

‘‘ජනපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති කොල කෑල්ලකට සීමා කරන්නේ නෑ‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site