IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘යුද්ධයෙන් පසු ලොව හොඳම පුනරුත්තාපනය සිදුකළේ රාජපක්ෂ රජයයි’

(රොමේෂ් මධුෂංඛ) 

යුද්දෙන් පසුව ලෝකයේ හොඳම පුනරුත්තාපන වැඩසටහන රාජපක්ෂ රජය යටතේ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා යපනයේදී අද (28) පැවැසීය.
 
උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් රැකියාවක් නොමැති දුප්පත් සෑම පවුලක් වෙනුවෙන්ම රජයේ රැකියාවක් ලබා දීමටත් ගොවි ණය කපා හැරීමටත් කටයුතු කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.
 
වව්නියාව ළමා උයන ක්‍රීඩාංගනයේදී අද(28) පැවති රැළියකදී ඒ මහතා මේ පැවසුවේය.
 
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ගොඨාභය රාජපක්ෂ මහතා මෙසේ කීය.
 
“යුද්දෙන් පසුව කොටි සංවිධානයේ හිටපු සාමාජිකයින් අපි පුනරුත්තාපනය කළා. ලෝකයේ හොඳම පුනරුත්තාපන වැඩපිළිවෙළ කරේ අපි. ඔවුන් අපි සමාජගත කළා. ඔවුන් සිවිල් ආරක්ෂක බලකායට යොමු කළා. ඒ වගේම අපි කර්මාන්ත ආරම්භ කරලා ඒවට යොමු කළා.

මේ වෙනකොට අපි මේ රටේ සියලු ජනතාවගේ අනාගතය වෙනුවෙන් පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියනවා. මේ රටේ වැඩිම ජනතාවක් ජීවත් වෙන්නේ ග්‍රාමීයව. ඒ වගේම වැඩි ජනතාවක් ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තය හරහා. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව කෘෂිකර්මාන්තය ඉහලට ගන්නට ගොවියා නගා සිටුවන්නට පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කරල තියනවා. අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් බලාපොරොත්තු වෙන්නේ මේ දුප්පත් කමින් පෙලෙන ජනතාව නගා සිටුවීමටයි. මේ පළාත්වල ජනතාව ඉහළට ගන්නට අපි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරල තියනවා. ඒ නිසාමයි අපි පොහොර නොමිළේ ලබා දෙන්න තීරණය කලේ. ඒ වගේම ගොවි ජනතාවගේ ගොවි ණය කපා හරින්නට අපි තීරණය කරල තියනවා” යැයිද ඒ මහතා පැවසීය.


  



අදහස් (0)

‘යුද්ධයෙන් පසු ලොව හොඳම පුනරුත්තාපනය සිදුකළේ රාජපක්ෂ රජයයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site