IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ගෝඨාභය යුද්ධයට බයේ ඇමෙරිකාවට පළා ගිය බව රවීන්ද්‍ර කියයි

(නිමල කොඩිතුවක්කු)

ජාතික ආරක්ෂාව වෙනුවෙන් බලය ඉල්ලා සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධය පැවති සමයේ මඩකළපුව ආඥාපති ලෙස කටයුතු කරමින් සිටියදී  යුද්ධයට බියෙන් ඇමරිකාවට පලා ගිය බව  කම්කරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පැවැසීය.

ජනතා අප‍්‍රසාදයට ලක්ව 2015 දී බලයෙන් පහ කෙරුණු රාජපක්ෂවරුන් ජාති වාදි, ආගම් වාදී භේද වපුරා  බෝම්බ පුපුරවමින්  යළි බලය ගැනීමේ උත්සාහයක නිරත වී සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (9) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා මෙසේද කීවේය.

   

‘‘පිවිතුරු හෙළ  උරුමයේ නියෝජ්‍ය නායක  මධුමාධව අරවින්ද මහතා ඉල්ලා අසුවූ  බව මාධ්‍ය වාර්තා පළ වුණා. පිවිතුරු හෙළ උරුමයේ පැවති සාකච්ඡාවකදී ඒ අය සහයෝගය දෙන අපේක්ෂකයා ජයග‍්‍රහණය කළාට පස්සේ මේ රටේ අනෙකුත් ආගම්වල ජනතතාවට කරන්න යන අඩත්තේට්ටම් පිළිබඳ ඒ අයගේ පටිගත කළ සාකච්ඡාවක වීඩියෝවක්  පිටව ගොස් ඇති  නිසා මධුමාධව  මහතා ඉල්ලා අස්වී ඇති බව අපිට වාර්තා වුණා.

බැටලූ හම  පෙරවගත්තට මේ අය කොහේ ගිහින් හැංගිලා හිටියත් වෘකයා, වෘකයාම තමයි.  මේ වීඩියෝවෙන් ඒ අයට ලොකු- අවාසියක් වෙයි කියලා හිතලා දැන් බොරුවට අස්වෙලා තියෙනවා. මේ අය 2015 ට පෙර කළෙත් මේ දේවල්මයි.  මේ අය 2020 ජයග‍්‍රහණය කළොත් රටට අබ සරණයි කියලා තමයි අපිට කියන්න වෙන්නේ.

අපේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා  මේ වනවිට මුළු රටටම ආදර්ශයක් දීලා ඉවරයි.  මධ්‍යම සංස්කෘතික අරමුදලින් සජිත් පේ‍්‍රමදාස මහතා විශාල  වැඩකොටසක් කළා. දහම් පාසල්, වෙහෙර විහාර, බෞද්ධ සිද්ධස්ථාන විශාල ප‍්‍රමාණයක් එතුමා ඉදි කළා. බෞද්ධ ශාසනය වෙනුවෙන් අපි ගෙන ගිය මේ වැඩපිළිවෙළ රටට, ජාතියට, ආගමට මෙච්චර ආදරේ රාජපක්ෂලා දින 52 ආණ්ඩුවේදී නැවැත්තුවා.

රටට, ජාතිය, ආගම වෙනුවෙන් කැපවෙන පිරිසිදුම අපේක්ෂකයා තමයි අපේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා. වෙනත් ආගමිකයන්ටත් එතුමා පිළිබඳ සම්පූර්ණ විශ්වාසය තැබිය හැකියි.  මේ වගේ රටට ආදර්ශමත් පුද්ගලයෙක් අපි අද රටේ නායකත්වය වෙනුවෙන්  ඉදිරිපත් කරලා තියෙනවා.

අනික් පැත්තෙන් කියනවා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ පත් කරගන්නවලූ.  ඔය  කියන පුද්ගලයා අවුරුදු 30ක් තිබුණ යුද්ධයේදී මඩකලපුව බාර ආඥාපති. වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරලා  යුද්ධය දාලා ගිහින් ඇමෙරිකාවේ නතර වුණා.  දැන් කියනවා  ජාතික ආරක්ෂාව වෙනුවෙන් මට රට බාර දෙන්නලූ.

2015ට පෙර පැවති  ඒ තිර නාටකයමයි, ඒ අධ්‍යක්ෂනයමයි, ඒ නලූවමයි මෙවරත් එන්නේ. ඒ නිසා මේ අය  පත් වුනොත් 2015ට පෙර තිබූ තත්වයේ දිගුවක් දැකගන්න ලැබේවි.

යළිත් බෝම්බ බියක් ඇති කර මේ අය වාසි ගන්න හදනවා.  ජාතකි වාදි ආගම් වාදී භේද හදලා බෝම්බ පුපුරලවලා මේ අය අද දේශපාලන වාසි ගන්න හදනවා. ජනතාව මේ ගැන අවදියෙන් සිටිය යුතුයි. ඒ නිසා මේ  තීරණාත්මක අවස්ථාවේදී කරුණාකරලා රට වෙනුවෙන්, තමන්ගේ දරුවන් වෙනුවෙන් හිතලා තීරණයක් ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.



අදහස් (0)

ගෝඨාභය යුද්ධයට බයේ ඇමෙරිකාවට පළා ගිය බව රවීන්ද්‍ර කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site