IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට සරසවි වරම් ලබාදෙනවා‘‘

(මොහොමඩ් ආසික්)

විශ්ව විද්‍යාල පද්ධතියේ ධාරිතාව වැඩි කර සහ අලුත් විශ්ව විද්‍යාල ආරම්භ කර උසස් පෙළ සමත් වන සියලු සිසුන්ට සරසවි වරම් තම රජය යටතේ ලබා දෙන බව  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කීය.

අද (11) සවස මහනුවර නගරයේ පැවැති ප්‍රචාරක රැළිය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා  එසේ කීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

       ‘‘අපි පසුගිය 25 වනදාමේ රට හදන ප්‍රතිපත්ති ප්‍රකාශණය අපි ඉදිරිපත් කළා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ගැන මේ රටේ උගතුන් බුද්ධිමතුන් පැසසුම් කරනවා. මේ රටේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ මෙන්ම මේ රටේ ජනතාවගෙනුත් අදහස් අරගෙනයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශණය හදල තියෙන්නේ.  මගේ ධූර කාලය තුල මේ ප්‍රතිපත්ති  ප්‍රකාශණයේ සඳහන් සියලු කාරණා ඉෂ්ඨ කරන්න පුළුවන්  කියල මම පොරොන්දු වෙනවා. අපි ජාතික  ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරල තියෙනවා. මේ රටේ තිබුණ ත්‍රස්තවාදය අවසන් කරලා නැවතත් එවැනි තර්ජනයක් ඇති නොවන ආකාරයට ආරක්ෂක ක්‍රියාදාමයක් ඇති කරල තිබුණා.

ත්‍රිවිධ හමුදාව පොලිසිය  වැනි ආයතන මෙන්ම බුද්ධි අංශ එකතු කරලා යළිත් ඒ වගේ තත්වයක් ඇති නොවන ආකාරයට අපි වැඩ පිළිවෙළක් ඇති කරල තිබුණා. නමුත් මේ රජය ආවට පස්සේ  විදේශිය බලපෑම්වලට යටවෙන ඇමති මණ්ඩලයක් තියාගෙන  රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම්වලට යට වන  රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිවක් කළේ නෑ.

බුද්ධි අංශයේ නිලධාරින්ට ඒ අය ආරක්ෂක මණ්ඩලයේ කතා කරන්න ඉඩ දුන්නේ නෑ. ඔවුන්ගේ ලබා දුන් අනතුරු ඇඟවීම් කිසිවක් ගණන් ගත්තේ නෑ. එදා නිදහස ලබා දුන් රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට අරන්  යන විදේශිය  ලියවිලිවලට අත්සන් කළා. බුද්ධි අංශ නිලධාරින් සිරගත කළා. මේ රටට අනතුරක් වනවානම් ඒ පිළිබඳව රජයට දැනුම් දෙන්නේ බුද්ධි අංශයයි. අපි එදා ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ බුද්ධි අංශ එකතු කරලා ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කරල තිබුණා. ඒක තමයි එදා ජාතික ආරක්ෂාව ඒ ආකාරයට තිබුණේ.

අපේ ප්‍රතිපත්තිවල  වැදගත්  තැනක් කෘෂිකර්මාන්තයට  වැවිලි කර්මාන්තයට   අධයාපනයට සෞඛ්‍යයට ලබා දිලා තියෙනවා. 

වැවිලි කර්මාන්තය දියුණු කරන්න  නිසි අවධානයක්   යොමු වුණේ නෑ.ඒ නිසා තමයි   මේ වන විඒ කර්මාන්තය කඩා වැටිලා තියෙන්නේ . කම්කරුවන්ගේ ඉඳලා ඉහළම සමාගම් දක්වා තේ කර්මාන්තය කඩා වැටිලා.  පිටරටින් ගුණාත්මක බවින් අඩු තේ ගෙනල්ලා අපේ තේ වලට කලවම් කරලා  අපනයනය කිරීම නිසා සිලෝන් ටී යන නාමයට තිබුණ තැන නැති වෙලා ගියා.  නමුත් අපේ රජයක් යටතේ නැවතත්  තේ කර්මාන්තය නගා සිටුවන්න ක්‍රියා කරනවා.

අපි පිටරටවලට යවන්නේ ගුණාත්මක තේ විතරයි  තේ වගාව වර්ධනය කරන්න නැවත තේ වගා කරන්න අවශ්‍ය පහසුකම් ලබා දීලා ගුණාත්මක තේ  පිටරට යවලා විදේශ විනිමය ලබා ගන්න කටයුතු කරනවා. ඒ වගේමයි රබර් කර්මානත්ය  රබර් පිටරටින් ගෙනල්ලා අද රබර් ගස් ගලවා දමන තත්වයට පත් වෙලා තියෙනවා. රබර් නැවත වගා කිරීම උනන්දු කරවලා  රබර් භාවිතා කරන කර්මාන්ත  ශාලා ඇති කරලා ආදායම් ලැබෙන තත්වයට පත්  කරනවා. ඒ වගේම   පොල්  කර්මාන්තය.

ලෝකයේ හැම රටකින්ම පොල්වලට ඉල්ලුමක් තියෙනවා.නමුත් අපේ පොල් වගාකරුවා කඩා වැටිලා.මේ ප්‍රදේශවල ජනතාව විශාල ආදායමක් ලබා ගත්ත අපනයන බෝග  ගොවින් කඩා වැටිලා.

ගම්මිරිස්  වගා කරන දිස්ත්‍රික්ක නවයකම ගොවීන් අමාරුවේ වැටිලා.ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු පිටරටන් බාල ගම්මිරිස් ගෙනල්ලා ශ්‍රී ලංකා ගම්මිරිස් කියලා අපනයනය කිරීම නිසා අපේ ගම්මිරිස්වලට තිබුණු මිළත් නැති වෙලා ගියා. නමුත් අපේ රජයක් යටතේ  මේ ගම්මිරිස් වගාව වැඩි දියුණු කරලා ගම්මිරිස් පිටරටවල්වලින් ගෙන්වීම නවත්වලා ගම්මරිස්වලට හොඳ මිළක් ලබා දෙන්න කටයුතු කරනවා. කෘෂිකර්මාන්තය දියුණු කරලා මේ රට ආහාරවලින් ස්වයංපෝෂිත කරන්න අපේ රජයක් යටතේ අපි කටයුතු කරනවා .

ඒ වගේම අද දේශිය කර්මාන්ත කරුවා කඩා වැටිලා  ඔවුන් නගා සිටුවන්නත් තම රජය යටතේ ක්‍රියා කරන‘‘ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී කිය.

 



අදහස් (0)

‘‘උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට සරසවි වරම් ලබාදෙනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site