IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරනවා

(හැටන් රංජිත් රාජපක්ෂ)                       
ජනාධිපතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ පරාජය වූ නුවරඑළිය දිස්ත්‍රික්කය එළඹෙන මහ මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා රැගෙන ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 2/3 බහුතර බලයක් ලබාදීමට දායක වන බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.

අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ අද (01) ගිනිගත්හේන අභිනවාරාම විහාරස්ථානයේදී ගිනිගත්හේන ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් අමාත්‍යයවරයාව පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයක් අමතමිණි.

මෙම රැස්විමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු අතිවිශාල ජන වරම අනුව එළඹෙන මහ මැතිවරණයේදී ආසන 127ක් ලැබෙන බවත්, එම මැතිවරණයේදී පරාජය වූ නුවරඑළිය සහ වව්නියාව යන දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරා රැගෙනයාම තුළින් මෙවර මහ මැතිවරණයේදී ආසන 150කට වඩා ලබාගෙන 2/3 බලයක් ලබා ගත හැකි බවයි.

තමන් විසින් ආරම්භ කළ සමෘද්ධිය එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැතිකළ බවත්, තමන් විසින් ආරම්භ කල සමෘද්ධි යන්ත්‍රය සක්‍රීය ලෙස ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ රාජයක් යටතේ කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (15)

මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරනවා

Chathuri Saturday, 01 February 2020 01:43 PM

පළමුව අහන්න ඕන ලැජ්ජාව කියනදේ තියෙනවද? දන්නවද? කියලා... බොරු ආදරයක් තියෙන්නේ පක්ෂ නායකයින්ට, මහින්දව අත ඇරියා... රනිල්ට, මෛත්‍රීට එකතුවෙලා මහින්දට බැන්නා.. එළියට ඇදලා දමනකම් දන්නේ නැහැ. නැවත මහින්දට කිට්ටුවුණා. දැන් ගෝඨාට 2/3 හොයනවා. කයිවාරු ගහනවා. මේ සේරම කරන්නේ තමන්ගේ බඩ පුරවන්න මිසක් රටට ආදරේටද? තමන්ගේ පක්ෂ නායකයට බනින්නේ පැරදුණාම පුදුම කැත විදියට.. මේ වගේ අයට වැඩිය හොඳයි පාරේ යන දුගී කෙනෙකුට ඇමැතිකම් බාරදෙන එක...

:       1       112

Chathuri Saturday, 01 February 2020 05:42 PM

69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ. හොරුන්ට පත්වීම් නොදී රට ස්වයංපෝෂිත කරනවා කියලා දිවුරුම් දීපු නිසා දැන් හොරු තමයි නැවත පාලනයට පත් කෙරුවේ. දැන්නම් අප්‍රිය වෙලා තියෙන්නේ... දැන් මේ කතාව දැක්කම බඩ දඟලනවා. අපිට අතින් පොඩි වරදක් වුණාම අපි පසු තැවෙනවා. මේ දේශපාලුවන්ට ගාණක්ම නැහැනේ. කරන බොරුව, වංචාව, මිනීමැරුම්... කිසිම දෙයක් නොවුණු ගානට මාධ්‍යයටත් එනවා. මෙයාගේ කතාවට 69- 60 අඩුවෙයිද? දන්නේ නැහැ... දේශපාලනයට තියා ගෙදරකට ගෙන්වන්න වටින්නේ නැහැ...

:       1       61

Chathuri Saturday, 01 February 2020 05:42 PM

69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ හොරුන්ට පත්වීම් නොදී රට ස්වයංපෝෂිත කරනවා කියලා දිවුරුම් දීපු නිසා. දැන් හොරු තමයි නැවත පාලනයට පත් කෙරුවේ. දැන්නම් අප්‍රිය වෙලා තියෙන්නේ. මේ කතාව දැක්කම බඩ දගලනවා. අපිට අතින් පොඩි වරදක් වුනාම අපි පසු තැවෙනවා. මේ දේශපාලුවන්ට ගානක්ම නැහැනේ. කරන බොරුව වංචාව මිනීමැරුම්. කිසිම දෙයක් නොවුන ගානයි. මෙයාගේ කතාවට 69- 60 අඩුවෙයිද ? දන්නේ නැහැ. දේශපාලනයට තියා ගෙදරකට ගෙන්වන්න වටින්නේ නැහැ.

:       0       101

gamarala Saturday, 01 February 2020 05:51 PM

සීට් එක දිනුවේ නැත්නම් ඔයාට කෙළවෙනවා.

:       0       29

Jagath Sunday, 02 February 2020 09:46 AM

කරුණාකරලා මෙයාට විශ්‍රාම යන්න දෙන්න තවත් රට කන්න ඉඩ නොදී. මොන මෝඩවැඩ කරත් කමක් නෑ මෙයාව නම් පාර්ලිමන්ට් යවන්න එපා... හඟුරන්කෙත ජනතාවගෙන් ඉල්ලන්නේ....

:       0       71

asela Sunday, 02 February 2020 01:35 PM

වැරදි කරලා ඇති ඒ ඔක්කොම වුණේ එස්.බී. මහත්තයාට කරපු වැඩ නිසයි. එතුමාගෙ නම විනාශ කළා. එස්.බී. මහත්තයා කව්ද කියලා කියන්න වලපනේ හඟුරන්කෙත අපිට කවුරුත් කියන්න ඕනෑ නැහැ. අපි එස්.බී. සමගයි.

:       177       416

Rohana Monday, 03 February 2020 06:02 AM

මෙයා අවස්ථාවාදීව පක්ෂ මාරු කරන කෙනෙක් බව කවුරුත් නොදන්නවා නොවේ.

:       1       29

පි.බි රත්නායක - නුවරඑලිය Monday, 03 February 2020 06:11 PM

කයිවාරු කියවන්නේ නැතිව තමන්ගේ සීට් එක දිනාගන්නකෝ ඉස්සෙල්ලා. නැතිනම් ඉතින් අායෙත් පින් ඇමති තමයි. හිටපු ජනාධිපතිව මෝඩ කරගෙන පින් ඇමතිකමක් ගත්තා මතකද..? මට නම් ෂුවර් ඔබ මේ පාර... ගිය සැරේටත් වඩා අඩු ඡන්ද ගණනක් අරගෙන අැපත් නැතිවෙනවා. දැන් රටේ මිනිස්සු මෝඩ නැහැ. හොරා කව්ද කියලා දන්නවා...

:       109       71

ciaSaturday, 08 February 2020 12:25 PM

දැන් වලපනේ මිනිස්සු මෝඩ නැහැ. අවුරුදු 30ක් රැවැට්ටුවා ඇති. ඉලෙක්ෂන් එකට ගමට... ඉන් පස්සේ කොළඹට... සීට් එක පරාදයි.. කෝච්චි ඇමතිනේ...පළාත් සභාවලින් ඉල්ලන්න ලෑස්ති වෙන්න.

:       0       215

vidya Tuesday, 04 February 2020 01:26 AM

තරුණ කාලේ හිටපු කොමියුනිස් කාරයින්ගේ හැටි ඔහොම තමයි. වාසියට තමයි වැඩ...

:       1       6

SB Saturday, 08 February 2020 12:29 PM

වලපනේට කොන්දක් ඇති නායකයෙක් මේ පාර අපිට ඕනෑ...

:       0       208

CIA Sunday, 09 February 2020 09:40 AM

නුවර එළියෙන් නම් එස්.බී. මහත්තයාට තරගයක් ඇත්තෙම නැහැ. නොමිනේෂන් බාරදෙන්න විතරයි තියෙන්නේ... මිනිසුන්ට වැඩකරලා තියෙන විදිහට. එජාප ඡන්ද පවා එස්.බී. මහත්තයට හම්බ වෙනවා. දැන් කෝච්චි ඇමැති බයවෙලා ඉන්නේ පැරදෙන බව දැනගෙන.. කෝච්චි ඇමැති අනිවාර්යයෙන්ම මේ පාර ගෙදර යනවා.

:       0       124

ramanayakaSunday, 09 February 2020 06:02 PM

නුවරඑළියෙන් එස්.බී. මේ පාරත් පැරදියි. අපි එ්ක කරනවා මේ පාරත්... ඊට පස්සේ අායෙත් පින් ඇමති...

:       142       0

CBTuesday, 11 February 2020 07:49 AM

ඔව් රාමනායක, එස්බී පළාත් සභා ඡන්දෙත් පරදියි වගේ.

:       0       0

mahinda Wednesday, 12 February 2020 06:13 PM

සුදුහුණු ගාලා හොඳ කට්ටක් අල්ලගන්නයි කල්පනාව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 698 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 944 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1195 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 375 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site