(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය වෙන වෙන න්‍යාය පත්‍ර පස්සේ දුවනවා මිස විපක්ෂයක් ලෙස රටට ජනතාවට සේවය කරන බවක් පෙනෙන්නට නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා පැවසීය.
ශක්තිමත් විපක්ෂයක් නොතිබීමෙන් රටට ඉදිරියේ දි භයානක ප්‍රතිඵල වලට මුහුණ දිමට සිදුවිය හැකි බැවින් නිලතල බෙදාගැනිම පසෙක තබා ප්‍රබල විපක්ෂයක් ගොඩනගා ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා කැපවිය යුතු බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රාජගිරියේ දී කැඳවූ මාධ්‍ය හමුවකට අද (27) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා මෙසේ ද කීය.
“රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන ආණ්ඩුවේ වැරදි ගැන කතා කරන්න අද විරුද්ධ පක්ෂයක් අපට නැහැ. විරුද්ධ පක්ෂය වෙන වෙන න්‍යාය පත්‍ර පස්සේ දුවනවා මිසක් අපේ රටට ජනතාවට සේවය කරන බවක් පේන්න නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ පිරිස් අතර තිබෙන මේ ඇනකොටා ගැනීම මෙයට හේතු වී තිබෙනවා. එකට එකතුවෙලා මේ ප්‍රශ්ණය විසදාගන්න කියලා විද්වතුන් වශයෙන් විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් වශයෙන් එජාප සියලුම ජ්‍යෙෂ්ඨයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.
ප්‍රබල විපක්ෂයක් නොතිබුනොත් ඒකේ ආදීනව ජනතාවට ඉතාම භයානක ලෙස විඳ දරා ගන්න සිදුවේවි. විශාල ජනවරමක් ඇවිත් විරුද්ධ පක්ෂය දියාරු වෙච්ච රටවල ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ආර්ථික, සංවර්ධනයක් නැහැ. අපේ වගේ රටවලට මේ තත්ත්වය සුබවාදී වෙන්නේ නැහැ. ඒ නිසා රටට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි.
මේ පක්ෂය ඇතුලේ තියෙන අභ්‍යන්තර අර්බුද ඉක්මනින්ම විසඳගන්නේ නැත්නම් මේ පක්ෂය දෙකඩ කැඩිලා නව පක්ෂ බිහිවෙලා අන්තිමට පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 30-40 ක් වගේ සීමාවෙලා ගැටලු ඇති විය හැකියි. ඒ නිසා මේ පිළිබඳ සියලු දෙනා අවධානය යොමු කළ යුතුයි” යැයිද ඔහු එහිදී පැවසීය.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘විපක්ෂයේ භූමිකාව එජාපයෙන් ඉටුවෙන්නේ නෑ’