IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


’කොරෝනා ව්‍යාප්තවීම වළක්වන්න රජය මීට වඩා ක්‍රියාත්මක විය යුතුයි’

(ශාන්ත සෙනෙවිරත්න)

“මේ දිනවල වැඩිපුර කතාවෙන කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුයි. ලැබී තිබෙන තොරතුරු අනුව ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන අපට සතුටුවිය නොහැකි” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද(29) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා එසේ පැවසීය.

ඔහු මෙසේද කීය.

“කොරෝනා වෛරසය ගැන රටේ තිබෙන බිය සැක තවමත් පහව ගිහින් නැහැ. රෝගියෙක් හමුවෙලා කියනවා. මේ රෝගියා ආ ගිය තැන් ඇසුරු කළ අය සොයන්න අවශ්‍යයි. වෛරසය පැතිරයාම වළක්වන්න මීට වඩා සක්‍රීය දායකත්වයක් අවශ්‍යයි.

සේවක අර්ථසාධක අරමුදල තිබෙන්නේ මහබැංකුව බාරයේ. ඒ මුදල් ආයෝජනය කිරීම ගැටලුවක් නොවේ.නමුත් මේ මුදල් ආයෝජනය කරන්න ගිහින් විශාල පාඩුවක් සිදුව තිබෙනවා. අක්‍රමිකතා වෙලා. මේ රටේ වැඩකරන ජනතාවගේ මුදල් මෙහෙම හිතුමතේ භාවිතකරන්න බැහැ. 2015 වසරේ බැඳුම්කර ගනුදෙනු සිදුවෙලා තිබෙනවා. වංචා දූෂණ සිදුව තිබෙනවා. ඒ ගැන හොයන්න ඕනෑ. වැරදි කළ අයට දඬුවම් දෙන්න ඕනෑ. හොරකමක් ගැන දැනගන්න කලින් කියන්නේ කොහොමද? ඒ ගැන කලින් කියන්න කලින් නිවැරදි තොරතුරු හොයාගන්න ඕනෑ. අපි කෝප් කමිටුව මගින් මේ ගැන කිව්වා.

ජේ.වී.පී.යේ කවුරු ළඟවත් කළු සල්ලි නැහැ. පක්ෂ අරමුදලෙත් නෑ. අවශ්‍ය නම් ගිණුම් පරීක්ෂා කර බලන්න. ආදායම් මෙන්ම වියදම් කරන ආකාරයත් බලන්න පුලුවන්. ඔය සමහරු නගන චෝදනා අපි පිළිගන්නේ නෑ.

රජය විශ්‍රාම වැටුප් වැඩිකරනවා කිව්වට තවම දුන්නේ නැහැ. මුදල් නෑ කියනවා. ආණ්ඩුවේ බලය මදි කියනවා. මේවා බොරු කතා. පරිපූරක ඇස්තමේන්තුවවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අවශ්‍ය මුදල් ගන්න ආණ්ඩුවට බැරිකමක් නෑ. රටේ වැටුප් විෂමතාවයක් තිබෙනවා. එය විසඳන්න අවශ්‍යයි'' යැයිද කීය.

 



අදහස් (5)

’කොරෝනා ව්‍යාප්තවීම වළක්වන්න රජය මීට වඩා ක්‍රියාත්මක විය යුතුයි’

Ratna P Wednesday, 29 January 2020 11:26 PM

ඔයාට දිව දෙකක් තියනවා කියලා මට හිතෙනවා...

:       4       108

Sam Thursday, 30 January 2020 02:47 AM

ඔයාලව කවදාවත් සතුටු කරන්න බෑ... ඔයාලා සතුටු වෙන්නේ රනිල් සතුටු වුනොත් විතරයි.. පක්ෂය වහලා ගෙදරට වෙලා ඉන්න කාටහරි කරන්න ඉඩ දීලා ඔයාලා ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ... ජනතාව එපා කිව්වම ආයිත් එනවා බලෙන් ප්‍රශ්න විසඳන්න... ලාජ්ජා නැද්ද?

:       3       229

Shantha Friday, 31 January 2020 10:57 PM

3% ගත්ත ලෝක හොරෙක් රට ගැන කතා කරනවා. පුංචි අම්මගෙන් අහල වෙන්න ඇති ඕක කියන්න ඇත්තේ.

:       1       14

dilan Monday, 03 February 2020 03:17 AM

කවදාවත් කාගෙවත් හොදක් නොදකින, තමන්ගේම ආත්මලාභය පමණක් සිතන කුහකම නායකතුමා.

:       1       24

Bamunuarachchi Monday, 03 February 2020 04:05 AM

මෙයත් කොරෝනා චක්‍රවර්ති කෙනෙක් වගේ

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16828 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site