(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් මුහුණ දෙන ගැටලු, පැමිණිලි සහ අදහස් ලබා ගැනීම සඳහා 074 245 3300 යන වට්ස්ඇප් දුරකථන අංකය අද (19) විවෘත කළේය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ඉදුනිල් ප්‍රනාන්ඳු මහතාගේ සංකල්පයකට අනුව මෙම දුරකථන අංකය හඳුන්වා දී තිබේ.

"මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ට කියන්න" ලෙස නම් කර ඇති මෙම වට්ස්ඇප් අංකයට වට්ස්ඇප් කෙටි පණිවුඩ පමණක් යොමු කළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.