(අංජුල මහික වීරරත්න)

​අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුබසාධක සංගමය සංවිධානය කරන ලද ලේ දන්දීමේ කඳවුර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සාර්ථකව පැවැත්විණි.

​අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුභසාධක සංගමයේ නව නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමෙන් අනතුරුව, ඔවුන්ගේ පළමු වැඩසටහන ලෙස මෙම සමාජ සත්කාරය සංවිධානය කර තිබුණි.

​මෙම ලේ දන්දීමේ කඳවුර සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසය නියෝජනය කරමින් නිලධාරීහු ඇතුළු විශාල පිරිසක්  රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්ව සිටියහ.