ඇමෙරිකන් තානාපති නිලධාරීන් ලෙඩවෙලා ඔස්ට්‍රියාවේ වියානා නුවර ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන් 20 දෙනකු හිටිහැටියේ අබිරහස් ලෙස රෝගී වී ඇති බවත්, ඇමෙරිකාව ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ආරම්භ කර ඇති බවත් වාර්තා වේ. 20 July 2021
දෙවැනි පෞද්ගලික අරමුදල ආරම්භ කෙරේ ඉන්දියාව තුළ දෙවැනි පෞද්ගලික අරමුදල ඉකුත් දා ආරම්භ කරන ලදි. 19 July 2021
ගංවතුරින් මියගිය ගණන ඉහළට ජර්මනියට සහ බෙල්ජියමට බලපා තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් සෙනසුරාදා පස්වරුව වනවිට මිය ගිය ගණන 170ක් දක්වා ඉහළ ගොස් තිබේ. 19 July 2021
බ්‍රසීල ජනාධිපති රෝහලෙන් යයි දින 10 ක් තිස්සේ නොකඩවා ඉක්කා වැටීම නිසා රෝහල්ගත කෙරුණු බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවත්, ඔහු අද (19) සිට සුපුරුදු රාජකාරි ආරම්භ කරනු ඇති බවත් වාර්තා වේ. 19 July 2021
තානාපති නිලධාරීන් ආපසු ගෙන්වා ගනී ඇෆ්ගන් තානාපතිවරයා ඇතුළු තානාපති කාර්යාලයේ සියලු නිලධාරීන් ආපසු ඇෆ්ගනිස්තානයට ගෙන්වා ගැනීමට ඇෆ්ගන් රජය තීරණය කර තිබේ. 19 July 2021
දිවි ගලවාගත් හයිටි ජනපති බිරිඳ ආපසු එයි වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ හයිටි ජනාධිපති බිරිඳ මාටීන් විදෙස්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු යළි හයිටි රාජ්‍යය බලා පැමිණියාය. 18 July 2021
ඇෆ්ගන් තානාපති දියණිය පැහැරගෙන පාකිස්තානයේ ඇෆ්ගන් තානාපති නජීබ් අලිකිල්ගේ දියණිය පැහැරගෙන ගෙස් දරුණු වඳ හිංසාවලට පමුණුවා ඇතැයි විදෙස් පුවත් සේවා ඊයේ (18) වාර්තා කළේය. 18 July 2021
අයිෆල් කුලුන යළි විවෘත කෙරේ මාස 9 ක් තිස්සේ වසා දමා තිබුණු ප්‍රංශයේ පැරිස් අගනුවර අයිෆල් කුලුන විෂබීජහරණයෙන් පසු යළි ජනතාවට විවෘත කර තිබේ. ප්‍රංශයේ අභිමානය ලෙස සැලකෙන මෙම සුප්‍රකට ස්මාරකය වසා දැමීමට පැරිස් බලධාරීන් කටයුතු කළේ ’කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුවෙනි. 17 July 2021
ජල ගැලීම්වලට 150 ක් බිලි ජර්මනියට, නෙදර්ලන්තයට සහ බෙල්ජියමට බලපෑ හදිසි ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 150 තෙක් ඉහළ ගොස් තිබේ. දිවි ගලවා ගැනීමේ අංශ පවසන්නේ තවත් 100 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවය. ඔවුන් සොයා මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී. 17 July 2021
රොයිටර් මාධ්‍යවේදියා වෙඩි හුවමාරුවකදී මරුට පුලිට්සර් සම්මානයට පාත්‍ර වූ ඉන්දීය ජාතික රොයිටර් ඡායාරූප මාධ්‍යවේදී දනීෂ් සිදික්කි, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාව අසල පුවත් වාර්තාකරණයේ යෙදී සිටියදී, ඇෆ්ගන් තලේබාන් ත්රස්තවාදීන් සහ ඇෆ්ගන් හමුදාව අතර සිදුවුණු වෙඩි හුවමාරුවකට මැදි වී ජීවිතක්ෂයට පත් විය. 17 July 2021
ෆේස්බුක් හරහා කොරෝනා බොරු පළ වෙනවා ’කොවිඩ් 19’ වසංගතය සම්බන්ධයෙන් සහ එන්නත්කරණ කටයුතු සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා ’වැරදි තොරතුරු’ හුවමාරු වන බවත්, ’කොවිඩ් 19’ වසංගතය සේම එම ’වැරදි තොරතුරු’ ද ජනතාවට අහිතකර බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දෙයි. 17 July 2021
සූමා ආධාරකරුවෝ හමුදාව සමඟ ගැටෙති දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති ජේකොබ් සූමා බන්ධනාගාරගත කිරීමට එරෙහිව වීදි බැස විරෝධතා පවත්වමින්, කඩසාප්පු සහ සුපිරි වෙළෙඳ සංකීර්ණ කොල්ලකන ඔහුගේ ආධාරකරුවන් විසුරුවා හැරීමට දකුණු අප්‍රිකා රජය හමුදාව කැඳවා තිබේ. 16 July 2021
හමුදාවට සහාය දැක්වූ ඇෆ්ගන් වැසියන් ඇමෙරිකාවට ගතවුණු 20 වසරක කාලය පුරා ඇමෙරිකාව ප්රමුඛ විදෙස් හමුදාවට සහාය දක්වූ භාෂා පරිවර්තකයන් ද ඇතුළු ඇෆ්ගන් සිවිල් වැසියන් සියලු දෙනා විශේෂ ගුවන් යානා යොදා ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය තීරණය කර තිබේ. 16 July 2021
දේශසීමා පිවිසුම තලේබාන් ග්‍රහණයේ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කිරීමත් සමඟ, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා පිවිසුම අල්ලා ගැනීමට තලේබාන් ත්රස්තයන් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 15 July 2021
බ්‍රසීල ජනපතිට දින 10 ක් ඉක්කා දින 10 පුරා නොනවත්වා ඉක්කා වැටීම හේතුවෙන්, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ රෝහල්ගත කර තිබේ. 66 හැවිරිදි ජනාධිපතිවරයාට හදිසි සැත්කමක් සිදු කළ යුතුදැයි නැද්ද යන්න ස්කෑන් පරීක්ෂණයකින් තීරණය කරන බව ඔහුගේ වෛද්‍යවරු පවසති. 15 July 2021
සූමා සිරගත කළැයි විරෝධතා දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති ජේකොබ් සූමා සිරගත කිරීමට විරෝධය පළ කරමින් ආරම්භ වුණු විරෝධතා මේ වනවිට උත්සන්න වී ඇත. 14 July 2021
ප්‍රංශ සෞඛ්‍ය ක්ෂේත්රයට එන්නත අනිවාර්යයි වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු ප්‍රංශ සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ සියලු දෙනාට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත අනිවාර්ය බවත්, කොවිඩ් මර්දන එන්න ලබා නොගෙන සිටින සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවකයන් ට සැප්තැම්බර් මස සිට වැටුප් නොගෙවන බවත් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. 14 July 2021
දිල්ලියේ ’කොවිෂීල්ඩ්’ ඉවරයි ’කොවිෂීල්ඩ්’ එන්නත් තොග අවසන් වී ඇති බැවින්, දිල්ලියේ එන්නත්කරණ කටයුතු මේ වනවිට අඩපණ වී ඇතැයි ප්‍රාන්ත නියෝජ්‍ය මහ ඇමැති මනීෂ් සිසෝසියා මාධ්‍ය හමුවේ පවසා තිබේ. 13 July 2021
කියුබා වැසියෝ වීදි බසිති ඇමෙරිකන් සම්බාධක හමුවේ, කොරෝනා වසංගතයට මුහුණ දෙන කියුබානු වැසියන් එරට කොමියුනිස්ට් පාලනයට එරෙහිව විරෝධතා ආරම්භ වී ඇත. 13 July 2021
වියට්නාමයේ යළිත් කොරෝනා පැතිරේ ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය ඉතාමත් හොඳින් පාලනය කර ගැනීමට සමත් වූ වියට්නාමයෙන් ද යළිත් වරක් ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත. 12 July 2021
ඝාතකයන්ගේ තොරතුරු එළියට හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස්ගේ ඝාතනය කළේ කොලොම්බියානු ජාතික කුලී හේවායන් කණ්ඩායමක් බවත් හයිටි ඇමෙරිකානුවන් දෙදෙනකු ද ඊට සම්බන්ධ බවත් හයිටි පොලිස්පති ලියොන් චාල්ස් පවසා තිබේ. 12 July 2021
බ්‍රැන්සන්ගේ ගගන සවාරිය සාර්ථකයි බ්‍රිතාන්‍ය ජාතික කෝටිපති ව්‍යාපාරික ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශට ගොස් ආපසු පැමිණියේය. 12 July 2021
රෝහලේ සිට දේව මෙහෙයක් උදරයේ සැත්කමකට භාජන කෙරුණු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඔහු ප්‍රතිකාර ලබන රෝමයේ ජිමෙලි ශික්ෂණ රෝහලේ සඳලු තලයේ සිට ඉරිදා යාඥා මෙහෙය පැවැත්වීය. 11 July 2021
වෙනිසියුලාවේ අවි ගැටුමක් වෙනිසියුලාවේ, කැරකස් නුවර පොලීස් නිලධාරීන් සහ සන්නද්ධ පිරිසක් අතර හටගත් ගැටුමකින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 11 July 2021
කොරෝනා වසංගතය මැද කේරළයේ සීකා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ’සීකා’ වයිරස උණ පැතිර යමින් පවතින බවත්, ’කොවිඩ් 19’ වසංගතය මැද ’සීකා’ වසංගතයක් නිර්මාණය විය හැකි බවත් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති. 11 July 2021
මොගඩිෂු පොලිස්පති නූලෙන් බේරෙයි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දිවි බේරාගැනීමට සෝමාලියාවේ මොගඩිෂු නුවර පොලිස් ප්‍රධානියා සමත්ව ඇත. 11 July 2021
ඉන්දියාව ඇෆ්ගනිස්තානය ගැන විමසිල්ලෙන් ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් පවසයි. 11 July 2021
හයිටි ජනපතිගේ ඝාතකයන් හඳුනා ගැනෙයි හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස්ගේ ඝාතනය කළේ 28 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් බවත්, ඇමෙරිකානුවන් සහ කොලොම්බියානුවන් ඊට අයත් බවත් හයිටි පොලිසිය කියයි. 10 July 2021
ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කිරීම කඩිනම් වෙයි ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකා සහ නේටෝ හමුදා ඉවත් කිරීම කඩිනම් කළ බවත්, ලබන අගෝස්තු 31 වැනිදා වනවිට එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කරයි. 09 July 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026