
'ඔමික්‍රෝන්' විකෘතිය හේතුවෙන් අප්‍රිකා රටවලට සංචාරකයන්ට පනවා තිබූ තහංචි ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් රජය තීරණය කර තිබේ.
'ඔමික්‍රෝන්' විකෘතිය පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ දකුණු අප්‍රිකාවෙනි. ඒ සමඟ අප්‍රිකා රටවලින් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තා වූ අතර, ඇමෙරිකාව පමණක් නොව, ලොව රටවල් රැසක් අප්‍රිකා රටවලින් පැමිණෙන සංචාරකයන්ට දේශසීමා වසා දැමුණි.
කෙසේ නමුත්, 'ඔමික්‍රෝන්' කොවිඩ් 19 විකෘතිය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වුවත්, එය ප්‍රබල වයිරස විකෘතියක් නොවන බව තහවුරු වීමත් පැනැවූ තහංචි ඉවත් කිරීම සිදුවිය.
මේ අතර, 'කොවිඩ් 19' ඔමික්‍රෝන් විකෘති ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් වරක් අනතුරු ඇඟවීමක් කළේය. ඒ, යුරෝපා රටවල 'කොවිඩ් 19' ආසාදිතයන් ඉහළ යෑමට 'ඔමික්‍රෝන්' හේතු වී ඇති බැවිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd