නොබෙල් සාම ත්‍යාගලාභී දකුණු අප්‍රිකාවේ හිටපු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ  හිමිපාණන් ස්වර්ගස්ථ වූ බව දකුණු අප්‍රිකා පුවත් සේවා වාර්තා කරයි.

ඩෙස්මන්ඩ් ටුටූ  හිමිපාණන් දකුණු අප්‍රිකාවේ සාම ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු 90 හැවිරිදි වියෙහි පසුවිය.

ඩෙස්මන්ඩ් ටුටු හිමිපාණන් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේ මානව හිමිකම් පිළිබඳ ප්‍රබල හඬක් නැගූ චරිතයක් නිසාය. වර්ණභේදවාදය අවසන් කිරීම වෙනුවෙන් කැපවූ ප්‍රබල චරිතයක් ලෙසද උන්වහන්සේ සැලකෙයි.

(රොයිටර්)