
නව වසරේ, ඉන්දියානුවන්ට නව මාදිලියේ 'කොවිඩ් 19' එන්නත් කීපයක් හඳුන්වා දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඒ අතර ලොව පළමු 'ඩී.ඒ.එන්' 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත මෙන්ම නාසික දියරයක් ලෙස හඳුන්වා දෙන 'කොවිඩ් 19' එන්නතක් ද ඇති බව පැවැසෙයි.
'කොවිඩ් 19' අඩපණ කළ හැකි ඉන්දියාවේ නිපදවන ‘කොර්බෙවැක්ස්‘ ප්‍රතිශක්තිකරණ එන්නතට ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය පසුගිය සඳුදා (27) ය. ‘කොර්බෙවැක්ස්’ යනු ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර ‘බයෝලොජිකල් ඊ‘ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන එන්නතය.මෙම එන්නත ද ලබන වසරේ සිට ඉන්දියානුවන්ට ලබා දීම සිදුවෙයි.
මෙතෙක් නිපදවා ඇති ‘කොවිඩ් 19‘ ප්‍රතිශක්තිකරණ එන්නත් මෙන් නොව, ‘කොර්බෙවැක්ස්’ එන්නත නිපදවා ඇත්තේ ‘කොවිඩ් 19‘ හෙවත් SARS-CoV-2 වයිරසයේ මතුපිට ඇති ස්පයික් ප්‍රෝටීනය උපයෝගී කර ගනිමිනි. වයිරසය සිරුරට ඇතුළුවීමෙන් පසු සිරුරේ පිටපත් නිපදවීම කරන්නේ මෙම ස්පයික් ප්‍රෝටීනය හරහාය.
'හෙපටයිටස් බී' සඳහා නිපදවා ඇත්තේ ද ‘කොර්බෙවැක්ස්’ ආකාරයේ එන්නතක් බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. ඒ අනුව, මේ ආකාරයෙන් නිපදවූ පළමු ‘කොවිඩ් 19‘ එන්නත වන්නේ ‘කොර්බෙවැක්ස්’ ය.
ලබන ජනවාරි 3 වැනිදා සිට ඉන්දියාවේ අවුරුදු 15 ත් 18 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ද එන්නත් ලබා දීමට නියමිත අතර, දරුවන්ට ලැබෙනු ඇත්තේ 'නොවවැක්ස්-කොවොවැක්ස්' නමැති නව එන්නත යැයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත.
ඇමෙරිකාවේ 'නොවාවැක්ස්' සමාගම, ඉන්දියාවේ 'සේරම්' සමාගම සමඟ එක්වී කොවොවැක්ස්' වෙළෙඳ නාමය යටතේ මෙම එන්නත නිපදවයි. 'නොවාවැක්ස්' එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය ලැබී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය, 'නොවවැක්ස්' සඳහා අනුමැතිය ලබා දුන්නේ එය හදිසි භාවිතයට සුදුසු බව පෙන්වා දෙමිනි. ඉන්දියාවේ 'සේරම' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන දෙවැනි 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත ලෙස මෙයයි. පළමු එන්නත 'කොවිෂීල්ඩ්' ය.
'කොවිෂීල්ඩ්' යනු 'සේරම්' ඖෂධ නිෂ්පාදන සමාගම බ්‍රිතාන්‍යයේ 'ඔක්ස්ෆර්ඩ්' විශ්ව විද්‍යාලය සහ 'ඇස්ට්‍රාසෙනකා' ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ හවුලේ නිපදවන 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතය.
නාසික දියරයක් ලෙස එන්නත නිපදවා ඇත්තේ ඉන්දීය රාජ්‍ය සමාගමක් වන භාරත් බයෝටෙක් ආයතනයයි.
මෙහි නිල නාමය බී.බී.වී.154 ය. මේ වනවිට සාර්ථකව සායනික පරීක්ෂණ අවසන් වී ඇති මෙම එන්නතේ නිෂ්පාදන කටයුතු ජනවාරි මාසයේදී ආරම්භ කරන බවත්, එන්නත් කටුවලට බය සැමට මෙම එන්නත ප්‍රයෝජනවත් වනු ඇති බවත් භාරත් බයෝටෙක් සමාගම වැඩි දුරටත් පවසා තිබේ.
මෙම 'නාසික එන්නත' වෛද්‍ය උපදෙස් මත නිවසේදීම භාවිතා කිරීමේ හැකියාව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd