
ඉන්දියාවේ නිපදවන ‘කොර්බෙවැක්ස්’ නමැති ‘කොවිඩ්19‘ ප්‍රතිශක්තිකරණ එන්නතට ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබේ.
‘කොර්බෙවැක්ස්’ යනු ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර ‘බයෝලොජිකල් ඊ‘ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන එන්නතය.
මෙතෙක් නිපදවා ඇති ‘කොවිඩ් 19‘ ප්‍රතිශක්තිකරණ එන්නත් මෙන් නොව, මෙම ‘කොර්බෙවැක්ස්’ එන්නත නිපදවා ඇත්තේ ‘කොවිඩ් 19‘ හෙවත් SARS-CoV-2 වයිරසයේ මතුපිට ඇති ස්පයික් ප්‍රෝටීනය උපයෝගී කර ගනිමිනි.
වයිරසය සිරුරට ඇතුළුවීමෙන් පසු සිරුරේ පිටපත් නිපදවීම කරන්නේ මෙම ස්පයික් ප්‍රෝටීනය හරහාය.
හෙපටයිටස් බී සදහා නිපදවා ඇත්තේ ද ‘කොර්බෙවැක්ස්’ ආකාරයේ එන්නතක් බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පැහැදිලි කරයි.
ඒ අනුව, මේ ආකාරයෙන් නිපදවූ පළමු ‘කොවිඩ් 19‘ එන්නත වන්නේ ‘කොර්බෙවැක්ස්’ ය.
(ද ඉන්දියන් එක්ස්ප්‍රෙස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd