IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තෙරේසා මවුතුමියගේ පුණ්‍යායතනයට තහංචි

අසරණ සරණ වෙනුවෙන්, ​තරේසා මවුතුමිය විසින් පිහිටුවනු ලැබූ ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ බැංකු ගිණුම් අත්හිටුවීමටත් විදේශවලින් ලැබෙන අරමුදල් නැවැත්වීමටත් ඉන්දීය රජය පියවර ගෙන ඇත.
‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනය ක්‍රියාත්මක වන්නේ කතෝලික සභාව යටතේය.

විදේශවල සිටින පරිත්‍යාගශීලීන්ගෙන් අරමුදල් ලබා ගැනීමට පුණ්‍යායතනය කළ ඉල්ලීම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළේ පසුගිය නත්තල් දා වීම විශේෂත්වයකි.

විදේශ අරමුදල් භාවිත කිරීමට, ලාභ නොලබන ආයතනවලට විදේශ දායකත්ව නියාමන පනත යටතේ නිෂ්කාශනය අවශ්‍ය වෙයි. කෙසේ නමුත් තෙරේසා මවුතුමියගේ පුණ්‍යායතනය පවසා ඇත්තේ ඊට අදාළ 'බලපත්‍රය' අලුත් කිරීමට ඔවුන් කළ ඉල්ලීම ද මේ වනවිට ප්‍රතික්ෂේප වී ඇති බවය.

පිළිසරණක් නැති අන්ත දුප්පත් අහිංසක වැසියන්ට පිහිටවීමට සිය ජීවිතය කැප කළ උදාර චරිතයක් ලෙස තෙරේසා මවුතුමිය සැලකෙයි. මැසිඩෝනියාවේ සිට පැමිණ 1950 වසරේ දී ඉන්දියාවේ කොල්කටාව සිය නිවහන කරගත් තෙරේසා මව්තුමියට 1979 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණේ ඇගේ මානුෂීය සේවාව අගය කරමිණි. තෙරේසා මවුතුමියගේ අභාවයෙන් වසර 19කට පසු 2016 වසරේදී ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් තුමන් විසින් ඇය ශාන්තූවරියක ලෙස නම් කරනු ලැබුණි.

තෙරේසා මවුතුමියගේ පුණ්‍යායතනයේ බැංකු ගිණුම් ඉන්දීය රජය විසින් අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි බෙංගාල මහ ඇමැතිනී මම්තා බෙනජ්රි සිය අප්‍රසාදය පළ කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් මගිනි.

තෙරේසා මවුතුමියගේ ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනයේ මූලස්ථානය පිහිටා ඇත්තේ බටහිර බෙංගාලයේ කොල්කටා නුවරය. නත්තල් දා ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනයේ බැංකු ගිණුම් අත්හිටුවීමට ඉන්දීය රජය පියවර ගැනීම කිසිසේත් අනුමත කිරීමට නොහැකි යැයි බෙංගාල මහ ඇමැතිනියගේ ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සදහන් වී තිබේ.

මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනයේ බැංකු ගිණුම් අත්හිටුවීම සහ විදෙස් අරමුදල් නැවැත්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජය රජය නත්තල් දා කටයුතු කිරීම  දෛවෝපගත සිදුවීමක් බවත්, එය එසේ වූයේ භාරතීය ජනතා පක්ෂයට ළං වී සිටින හින්දු ජාතිකවාදීන් අත්වාදී කණ්ඩායම් නිසා බවත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

(රොයිටර්)



අදහස් (1)

තෙරේසා මවුතුමියගේ පුණ්‍යායතනයට තහංචි

hira Wednesday, 29 December 2021 08:15 AM

මෙම ආයතන මොන නම්වලින් පෙනී හිටියත් මොවුන්ගේ එකම අරමුණ දුප්පත් මිනිස්සුන්ව ක්‍රිස්තියානි කිරීමයි... බටහිර රටවලින් නැතිවන ඔලුගෙඩි ගණන ඒ සියලු රටවලින් පිරවීම තමයි අරමුණ.. ඉස්සර වගේ යුද්ධ කරලා, ලේ හොලවලා, ආගමට ගන්න බැරි නිසා දැන් තනිකරම කරන්නේ මර්සියෙන් ආගමට හරවන එක... ලැජ්ජයි..

:       13       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 599 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1712 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site