පෙබරවාරි පළමු වැනිදා සිට, ‘කොවිඩ් 19’ එන්නත අනිවාර්ය යැයි සිංගප්පූරු රජය තීරණය කර තිබේ. ඒ අනුව, ඉදිරියේ දී සිංගප්පූරුවේ රැකියා බලපත්‍ර ඉල්ලුම් කරද්දී මෙන්ම ස්ථිර පදිංචිය සඳහා නව අයදුම්පත් අනුමත කර ගැනීමේ දී එන්නත් ලබාගෙන තිබීම අනිවාර්ය වෙයි.
අවුරුදු 12 ට අඩු දරුවන්ට සහ වෛද්‍යමය හේතූන් මත එන්නත ලබා නොගන්නා පුද්ගලයන්ට ද මෙම නව නීතිය වලංගු වන්නේ නැතැයි සිංගප්පූරු කොරෝනා මර්දන කාර්ය සාධක බළකාය පවසා තිබේ. මෙම කාර්ය සාධක බළකාය ස්ථාපිත කර ඇත්තේ අමත්‍යාංශ රැසක එකමුතුවෙනි.
සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් අනුව, එන්නත් අනිවාර්ය කිරීමට, සිංගප්පූරු කොරෝනා මර්දන කාර්ය සාධක බළකාය නිර්දේශ කර ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතියේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd