හජ් වන්දනාවට විදෙස් බැතිමතුන් හජ් වන්දනාව සඳහා විදෙස් බැතිමතුන් මිලියනයකට අවසර ලබා දීමට සෞදි බලධාරීන් තීරණය කිරීමත් සමඟ, පළමු විදෙස් බැතිමතුන් කණ්ඩායම ලෙස ඉන්දුනීසියානු බැතිමතුන් පිරිසක් මෙදීනා ගුවන්තොටුපොළ බලා පැමිණි බව සෞදි පුවත් සේවා වාර්තා කරයි. 06 June 2022
කාබන් ඩයොක්සයිඩ් සියයට 50 කින් වැඩිවෙලා පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ඇමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ඒකකය අනතුරු අඟවයි. 06 June 2022
මහම්මත්තුමාට අපහාස කරලා මහම්මත්තුමාට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කළේ යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ’භාරතීය ජනතා පක්ෂ’ සාමාජිකයන් දෙදෙනකුට ජාත්‍යන්තර මට්ටමින් චෝදනා එල්ල වී තිබේ. 06 June 2022
යුක්රේනයට මිසයිල දුන්නොත් බලාගෙනයි බ්‍රිතාන්‍යය යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලබා දීමට තීරණය කිරීමත් සමඟ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහා බ්‍රිතාන්‍යයට අනතුරු ඇඟවීමක් කළේය. 06 June 2022
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 3 ක් මරුට ඇමෙරිකාවේ පිලිඩෙල්පියා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. එයින් මියගිය ගණන තුනකි. 11 දෙනෙක් තුවාල ලැබූහ. 05 June 2022
ෂාරුක් ඇතුළු නළු නිළියන් රැසකට ’කොවිඩ්’ බොලිවුඩ් රජු ෂාරුක් ඛාන් ද ඇතුළු බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් රැසකට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 05 June 2022
යුක්රේන සංචාරයකට පාප්තුමන් සූදානමින් යුක්රේන සංචාරයකට යෑමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා සූදනම් වෙයි. 05 June 2022
තවත් පෞද්ගලික ගගන සංචාරයක් අවසන් බිලියනපති ව්‍යාපාරික ජෙෆ් බෙසෝස්ගේ ’බ්ලූ ඔරිජින්’ පෞද්ගලික සමාගමේ තවත් පෞද්ගලික ගගන සංචාරයක් සාර්ථකව අවසන් විය. 05 June 2022
කියුබාවට මහ වැසි කියුබාවේ හවානා අගනුවරට මහ වැසි ඇදහැලෙන බවත්, මේ වනවිට නගරයේ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 05 June 2022
චීන ගගනගාමීහු තිදෙනක් උඩු ගුවනට චීන ගගනගාමීහු තිදෙනෙක් පෘථිවි කක්ෂය බලා පිටත්ව ගියහ. ඒම ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු කාන්තාවකි. 05 June 2022
බංග්ලාදේශයේ පිපිරීමක් 16 ක් මරුට බංග්ලාදේශයේ කන්ටේනර් ගබඩා සංකීර්ණයක සිදුවුණු පිපිරීමකින් 16 දෙනෙක් මියගියහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 450 කට වැඩිය. 05 June 2022
කිර්ගිස්තාන සෞඛ්‍ය ඇමැති අත්අඩංගුවට දූෂණ චෝදනා එල්ල වූ කිර්ගිස්තාන සෞඛ්‍ය ඇමැති අලිම්කදීර් බෙයිෂෙලියේව් අත්අඩංගුවට ගෙන ඇත. 04 June 2022
තිරිගු අපනයනයට අවසර යුදමය තත්ත්වයක් පැවැතියත්, යුක්රේනයේ තිරිගු අපනයන කටයුතුවලට රුසියාවෙන් කිසිදු බාධාවක් නොමැති බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. 04 June 2022
රැජිනගේ ජුබිලියේ කැපී පෙණුනේ ලුවී කුමාරයා බ්‍රිතාන්‍ය කිරුළ දරා වසර 70 ක් සපිරීම නිමිත්තෙන්, 96 හැවිරිදි දෙවැනි එලිසබත් මහ රැජිනගේ ප්ලැටිනම් ජුබිලි සැමරුම් ලන්ඩන් නුවරදී පැවැත්විණි. 03 June 2022
ඉන්දීය නියෝජිතයෝ තලේබාන් හමුවෙති ඉන්දීය රජයේ නියෝජිතයන් පිරිසක් සහ ඇෆ්ගන් තලේබාන් රජයේ නියෝජිතයන් පිරිසක් අතර හමුවක් කාබුල් අගනුවරදී පැවැත්වෙයි. 03 June 2022
දකුණු අප්‍රිකා ජනපති රැම්පෝසාට චෝදනා අල්ලස් ගැනීම සහ පුද්ගලයන් පැහැරගැනීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාට චෝදනා එල්ල වී ඇති බවත්, පොලිසිය එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා කරයි. 03 June 2022
යුක්රේනයේ සියයට 20 ක් අල්ලාගෙන රුසියන් හමුදා යුක්රේනයෙන් සියයට 20 ක් අත්පත්කරගෙන ඇති බවත්, රුසියන් යුක්රේන යුද ගැටුම් හේතුවෙන් දිනකට යුක්රේන සෙබළුන් 100 දෙනකු පමණ මියයන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 03 June 2022
එලිසබත් රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය සැමරේ බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින කිරුළ දරා වසර 70 ක් සපිරීමේ ප්ලැටිනම් ජුබිලිය වෙනුවෙන් සැමරුම් උත්සව රැසක් එංගලන්තයේත්, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලත් පැවැත්විණි. 03 June 2022
පාකිස්තානයේ සිවිල් යුද්ධයක් කඩිනමින් මහ මැතිවරණයකට නොගියොත්, පාකිස්තානයේ සිවිල් යුද්ධයක් පවා හට ගැනීමේ අවදානමක් ඇතැයි විශ්වාසභංගයකින් ධුරයෙන් නෙරපූ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අනතුරු අගවයි. 02 June 2022
පංති කාමරේට කඳුකර සිංහයෙක් ඇවිත් ඇමෙරිකාවේ පාසලකට කඳුකර සිංහයකු (පූමා) කඩා වැදීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 02 June 2022
ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල රෝහලක අද (2) සිදුවූ වෙඩි තැබීමකින් හතර දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 02 June 2022
රාහුල්ට සෝනියාට චෝදනා 2015 දී විමර්ශන කටයුතු අවසන් කල නැෂනල් හෙරල්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය ඊයේ (1) කොංග්රස් සභාපති සෝනියා ගාන්ධි මහත්මිය සහ ඇයගේ පුත්‍රයා වන කොංග්රස් මන්ත්‍රී රාහුල් ගාන්ධි මහත්මා කැඳවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 02 June 2022
අපහාස නඩු තීන්දුවෙන් නළු ජොනී ඩෙප්ට වැඩි වාසි හොලිවුඩ් නළු නිළි අඹුසැමි යුවළක වන ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ්, එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. 02 June 2022
බී.ටී.එස්. ධවල මන්දිරයේ ලෝක ප්‍රසිද්ධ, ‘බී.ටී.එස්.’ කොරියානු සංගීත කණ්ඩායම ධවල මන්දිරයට පැමිණියේය. ‘බී.ටී.එස්.’ යනු ලොව තරුණ තරුණියන්ගේ විශේෂයෙන් තරුණියන්ගේ ආදරයට පාත්‍ර වුණු තරුණ හුරුපුහුටි කඩවසම් ගායකයන් කණ්ඩායමකි. 01 June 2022
පුටින්ට ජීවත් වෙන්න තියෙන්නේ වසර 3 යි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පිළිකාව දරුණු ලෙස පැතිර ගොස් ඇති බවත්, වෛද්‍යවරුන් පවසන ආකාරයට පුටින්ට ජීවත් වීමට ඇත්තේ තවත් වසර 3 ක් පමණක් බවත් රුසියන් බුද්ධි අංශ නිලධාරියකු කළ අනාවරණයක් උපුටා දක්වමින්, බි්රතාන්යයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත් සේවය පවසයි. 01 June 2022
ඇමෙරිකාවෙන් යුක්රේනයට බර අවි රුසියන් හමුදා සමඟ සටන් කිරීමට, යුක්රේන හමුදාවට බර අවි ලබා දෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 01 June 2022
නවසීලන්ත අගමැතිනිය ඇමෙරිකන් ජනපති හමුවෙයි ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසින්ඩා අර්ඩර්න් ඊයේ (31) ධවල මන්දිරයට පැමිණ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හමුවූවාය. 01 June 2022
කතා නායිකාවගේ සැමියා අත්අඩංගුවට ඇමෙරිකා කොංග්රස් මණ්ඩල (පාර්ලිමේන්තුව) කතා නායිකා නැන්සි පෙලෝසිගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 31 May 2022
‘කොවිඩ්’ එන්නත් තෑගි උතුරු කොරියානුවන්ට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ කළ බව එරට නායක කිම් ජොන් උන් පවසයි. 31 May 2022
හොංකොං නායකයා චීන ජනපති හමුවන්න යයි හොංකොං නව නායක ජෝන් ලී සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් පැවැත්විණි. ඒ, හොංකොං නව නායකයා චීනයේ බෙයිජීං අගනුවර බලා ගිය අවස්ථාවේදීය. 31 May 2022
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026