IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මහතීර් මොහොමඩ් යළි දේශපාලනයට

එලැඹෙන මහ මැතිවරණයට තමන් ද ඉදිරිපත් වන බව මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය 97 හැවිරිදි මහතීර් මොහොමඩ් පවසයි. ලොව ප්‍රවීණතම දේශපාලඥයෙකු ලෙස මහතීර් මොහොමඩ් සැලකෙයි.

වසර 22 ක් මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහතීර් මොහොමඩ් 2003 වසරේ දී සේශපාලනයට සමුදෙමින් දේශපාලනයෙන් විශ්‍රාම ගියේය. කෙසේ නමුත් 2018 දී,  විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඔහු මහ මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළේය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 92 ක් විය. පසුව මත ගැටුම් හේතුවෙන් ඔහුගේ සන්ධාන රජය බිඳ වැටුණි.

හෘදයාබාධයක් හේතුවෙන් මෙම 2022 වසර ආරම්භයේ දී මහතීර් මොහොමඩ් රෝහල් ගත කෙරුණු බව ද වාර්තා  විය.

මහතීර් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමන් තමාගේ පාර්ලිමේන්තු අසුන රැකගැනීමට සූදානමින් සිටින බවය. මහතීර් මොහොමඩ් නියෝජනය කරන්නේ එක්සත් මැලේසියානු ජාතික සන්ධානයයි.

කෙසේ නමුත්, තමන් තෙවැනි වරටත් අගමැති පදවිය භාර ගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් මහතීර් මොහොමඩ් කිසිවක් පවසා නැත.

මැලේසියානු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 2023 සැප්තැම්බරයේය. කෙසේ නමුත් එය අග්‍රාමාත්‍ය ඉස්මේල් සබ්රි යාකොබ් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට මග පෑදුණි. ඒ අනුව, ලබන 22 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙනු ඇත.

මැලේසියාව ද ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ දෙයි. ඒ, ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙනි. ඊට අමතරව, මූල්‍ය වංචා චෝදනා හේතුවෙන් අග්‍රාමාත්‍ය ඉස්මේල් සබ්රි යාකොබ් ප්‍රමුඛ රජය ජනතා අප්‍රසාදයට පත් වී සිටී.

මහ මැතිවරණයට ඉදිරිපත් වී, ජනතා ප්‍රසාදය දිනා ගනිමින්, ජනතා හිතවාදී, ජනතාවට විශ්වාස කළ හැකි ආකාරයේ නව රජයක් පිහිටුවීමට තම අපේක්ෂාව යැයි අග්‍රාමාත්‍ය ඉස්මේල් සබ්රි යාකොබ් පවසා තිබේ.



අදහස් (0)

මහතීර් මොහොමඩ් යළි දේශපාලනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site