
රුසියන් යුක්රේන දේශසීමාවේ පිහිටි රුසියාවේ බොල්ග්‍රොඩ් ප්‍රාන්තයේ - නොවිඔස්කොල් නගරයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දැමීමට නගර බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ, යුක්රේන හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාර කීපයක් දුම්රිය මාර්ගය ආසන්නයට පතිතවීම හේතුවෙනි.
මේ වනවිට යුක්රේන සහ රුසියානු හමුදා අතර බොල්ග්‍රොඩ් ප්‍රාන්තයේ සටන් උණුසුම් වී ඇතැයි ද පැවැසෙයි. දුම්රිය ගමන් නවතා දැමීමත් සමඟ නගර වැසියන් මහත් සේ අසීරුවට පත්ව ඇති බව ද වාර්තා වේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd