IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


යුක්රේනයට සහාය දෙන්න ‘ජී7’ නායකයෝ එකඟ වෙති

ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන්ගේ මැදිහත් වීමෙන්, ‘ජී7’ කණ්ඩායමට අයත් රටවල රාජ්‍ය නායකයන් අතරේ විශේෂ හමුවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

‘ජී7’ කන්ඩායමට අයත් වන්නේ ලොව ආර්ථිකමය වශයෙන් ප්‍රබල රටවල්ය. හදිසි ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවක් කැඳවීමට ඇමෙරිකන් ජනාධිපතිවරයා කටයුතු කළේ පසුගිය දා රුසියන් හමුදා යුක්රේනයේ කීව් අගනුවර ඇතුළු නගර කීපයකට මිසයිල ප්‍රහාර එල්ල කිරීම හේතුවෙනි. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද කීව් අගනුවර සිට වීඩියෝ තාක්ෂණය හරහා සමුළුවට සහභාගී විය.

රුසියන් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට යුක්රේනයට සහාය දැක්වීමට ‘ජී7’ නායකයෝ ප්‍රතිඥා දුන්හ. යුක්රේන හමුදාවට අවශ්‍ය මිසයිල ආරක්ෂක පද්ධති කඩිනමින් ලබා දීමට ද ‘ජී7’ නායකයෝ කැමැත්ත පළ කළහ. රුසියන් හමුදාව යුක්රේනයේ නගර ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කිරීම තරයේ හෙලා දැකීමට ද ‘ජී7’ නායකයෝ පියවර ගත්හ.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේනයට සහාය දෙන්න ‘ජී7’ නායකයෝ එකඟ වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site