
අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ කුඩා දරුවන්ට මරු කැඳවූ බව පැවැසෙන ඉන්දියාවේ ‘මේඩ්න්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන කැස්ස සමනය කිරීමට ලබා දෙන සිරප් වර්ග ඉන්දුනීසියා රජය විසින් තහනම් කරනු ලැබ තිබේ.
වෛද්‍ය නිර්දේශ යටතේ මෙම සිරප් වර්ග භාවිතයට ගත් ගැම්බියාවේ කුඩා දරුවන් 70 දෙනකු මියගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ මීට දින කීපයකට පෙරය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ. ඒ, ගැම්බියා සෞඛ්‍ය අමත්‍යාංශය ලබා දත්ත පාදක කර ගනිමිනි. එම විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැත.
ඉන්දුනීසියා රජය පවසා ඇත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පිළිතුරක් ලැබෙන තුරු, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කේන්ද්‍රකොටගත් ‘මේඩ්න්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ කිසිදු සිරප් වර්ගයක් එරට දරුවන්ට නිර්දේශ නොකරන බවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd