තිරිඟු ටොන් ලක්ෂ 3 ක් රුසියන් ප්‍රහාරවලින් විනාශයි රුසියාව එල්ල කළ ප්‍රහාරවලින් තමන් සතු තිරිඟු ටොන් ලක්ෂ තුනක් විනාශ වී ඇතැයි යුක්රේනය චෝදනා නගයි. මෙසේ චෝදනා නගා ඇත්තේ යුක්රේනයේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ නියෝජ්‍ය අමාත්‍ය ටරාස් යොටොස්කීය. 12 June 2022
යුරෝපා සංගමයේ ප්‍රධානියා යුක්රේනයේ යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන් දර් ලින්, යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියාය. උර්සුලා වොන් දර් ලින් කීව් අගනුවර බලා පැමිණියේ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි. 12 June 2022
ඉන්දීය මධ්‍යම රජයට එරෙහිව වීදි බසිති මහම්මත්තුමාට අපහාස කිරීමේ සිදුවීම මුල්කොට ගනිමින් ඉන්දියාවේ මුස්ලිම් තරුණ තරුණියන් නගර රැසක විරෝධතා ආරම්භ කර තිබේ. 12 June 2022
උතුරු කොරියාවේ විදෙස් ඇමැති ධුරයට කාන්තාවක් උතුරු කොරියානු විදේශ අමාත්‍ය ධුරය කාන්තාවකට හිමිවී ඇත. විදේශ ඇමැති ධුරය කාන්තාවකට හිමිවුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි. විදේශ අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක ලෙස ද සැලකෙන චෝ සෙන් හුයි ය. 11 June 2022
රුසියාව පරාජය කරන්න තව අවි ආයුධ ඕනෑ රුසියන් යුක්රේන යුද්ධය නිසා හටගත් අර්බුදය මුළු ලොවටම බලපෑමක් කර ඇති බවත්, අර්බුදය විසඳීමට නම් රුසියාව පරාජය කළ යුතු බවත් පෙන්වා දෙමින්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී විදේශවලින් තව තවත් ආයුධ ඉල්ලා සිටියේය. 11 June 2022
ගායක ජස්ටින් බීබර්ට අකරතැබ්බක් ජනප්‍රිය පොප් ගායක ජස්ටින් බීබර් දුර්ලභ රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව පැවැසෙයි.28 හැවිරිදි බීබර් පීඩා විඳින්නේ ’රැම්සි හන්ට් සින්ඩ්‍රෝම්’ නමැති දුර්ලභ රෝගයෙනි. 11 June 2022
මරණ දඩුවම අනිවාර්ය නැහැ මැලේසියාවේ මිනීමැරීම සහ ත්‍රස්තවාදය ඇතුළු අපරාධ කිහිපයකට ලබාදෙන අනිවාර්ය මරණ දඬුවම, අහෝසි කරන බව මැලේසියානු රජය නිවේදනය කළේය. 10 June 2022
යුක්රේන ජනපතිගෙන් රුසියානු ජනපතිට සම්බාධක රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසකට එරෙහිව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද සම්බාධක පැනැවීමට කටයුතු කර තිබේ. 10 June 2022
ඇමෙරිකන් හමුදා යානයක් අනතුරේ ඇමෙරිකානු හමුදාවට අයත් ‘එම්.වී 22 ඔස්ප්‍රේ’ වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක් වී කඩා වැටුණු බව ඇමෙරිකානු නාවික හමුදාවේ මැරීන් බලකාය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 10 June 2022
ඇමෙරිකාවේ කම්හලක වෙඩි තැබීමක් ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ස්මිත්ස්බර්ග් නමැති නගරයේ කර්මාන්තශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 10 June 2022
මෙක්සිකෝවේ පාලමක් විවෘත කළ සැණින් කඩා වැටිලා මෙක්සිකෝවේ අලුතින් ඉදිවුණු එල්ලෙන පාලමක්, විවෘත කළ සැණින් කඩා වැටී ඇති අතර, එය විවෘත කළ නගරාධිපතිවරයා ඇතුළු 20 දෙනෙකු තුවාල ලැබූහ. 10 June 2022
චීනයට මහ වැසි: 10 දෙනෙක් මරුට චිනයේ හුනාන් පළාතට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, මේ වනවිට මහ වැසි හේතුවෙන් සිදුවුණු අනතුරු මුල්කොට ගනිමින් 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් හරට මාධ්‍ය වාර්තා කරයි. 10 June 2022
විශ්වයෙන් අබිරහස් සංඥාවක් ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින්, වෙනත් මන්දාකිණියක සිට අබිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරතා විද්‍යාඥයෝ පවසති. 10 June 2022
යුක්රේන නගරයක් අත්පත් කර ගනී යුක්රේනයේ සර්වඩොනෙස්ක් නගරය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 09 June 2022
අර්බුදය දිනෙන් දින උත්සන්න වෙනවා රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයත් සමඟ හටගත් අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින බවත්, බිලියන 1.6 කට එහි සෘජු බලපෑම එල්ල වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසයි. 09 June 2022
රුසියාවෙන් චීනයෙන් ඇමෙරිකාවට චෝදනා උතුරු කොරියාව ‘අවුස්සමින්’ කොරියානු අර්ධද්වීපය අස්ථාවර කිරීමට, ඇමෙරිකාව උත්සාහ ගන්නවා යැයි රුසියාව සහ චීනය ඇමෙරිකාවට චෝදනා නගයි. 09 June 2022
ඉන්දියාවේ වැඳිරියක් බෙහෙත් ගන්න ඇවිල්ලා වැඳිරියක, ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගම්බද ප්‍රාදේශීය රෝහලකට ප්‍රතිකාර සදහා පැමිණීමේ පුවතක් එන්.ඩී.ටීවී. පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. 09 June 2022
සෙනග මැදට මෝටර් රථයක් කඩා වදී ජර්මනියේ බර්ලීන් නුවර වෙළෙඳසැලක් ඉදිරිපිට සිටි පිරිසක් මැදට මෝටර් රථයක් කඩා වැදුණි. මෝටර් රථයේ ගැටුණු එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, අට දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. 08 June 2022
ට්‍රම්ප් ඇසුරින් ළමා කතාන්දර පොතක් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඔහු ජනාධිපති ධුරයට පත් වීම සහ බලයෙන් බවත් වීම මුල්කොට ගනිමින් ළමා කතාන්දර පොතක් එළිදක්වා තිබේ. 08 June 2022
ලෝක බැංකුවෙන් යුක්රේනයට දිගට හරහට මුදල් ආධාර රුසියන් ආක්‍රමණයෙන් බැටකන යුක්රේනයට තවත් ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව ඊයේ (7) තීරණය කළේය. 08 June 2022
ඉන්දියාවට පහර දෙනවා: අල් කයිඩාව අනතුරු අඟවයි මහම්මත්තුමාට අපහාස කිරීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඉන්දියාවේ දිල්ලි සහ මුම්බායි නගරවලටත්, ගුජරාට සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ නගරවලටත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අල් කයිඩා ත්‍රස්ත සංවිධානය අනතුරු අගවා තිබේ. 08 June 2022
ගුද මාර්ගයේ පිළිකා සුව කරන නව ඔසුවක් ගුද මාර්ගයේ පිළිකා නිට්ටාවට සුව කළ හැකි නව ඔසුවක් හඳුන්වා දීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ සමත් වී සිටිති. 08 June 2022
නිවුන් දරු උපත දින 3 කදී ඇමෙරිකානු ජාතික කාන්තාවක් දින තුනක පරතරයක් ඇතිව රූපයෙන් එක සමාන නිවුන් දැරිවියන් දෙදෙනෙකු ප්‍රසූත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 07 June 2022
න්‍යෂ්ටික අත්හදා බැලීමක් කළොත් බලාගෙනයි උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් කළොත් ඊට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා බව ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් පවසා ඇත. 07 June 2022
මාධ්‍යවේදීන් දෙදෙනකු කැළයේ අතුරුදන් බ්‍රිතාන්‍ය සහ බ්‍රසීල ජාතික මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඇමසන් වනාන්තරයේ දී අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 07 June 2022
අවුරුදු දෙකේ පොඩ්ඩා පියාට වෙඩි තබලා ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඔර්ලැන්ඩෝ නගරයේ වයස අවුරුදු දෙකක් කුඩා දරුවකු අත් වැරදීමකින් තම පියාට වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 07 June 2022
බ්‍රිතාන්‍ය අගමැති විශ්වාසභංගය පරාජය කරයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බලයෙන් පෙරපා දැමීමේ අරමුණින්, විපක්ෂය මැදිහත් වී පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුණු අතර, එය පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරයාට හැකියාව ලැබුණි. 07 June 2022
ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් අපේක්ෂිත ඇප කාලය අවසන් වූ සැණින්, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඉස්ලාමාබාද් පොලිස් දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය. 06 June 2022
ව්‍යවස්ථා සංශෝධනයකට කැමැත්ත නව දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ අරමුණින්, ව්‍යවස්ථා සංශෝධන සඳහා කසක්ස්තානයේ ජනමත විචාරයක් පැවැත්වුණු අතර, කසක්ස්තාන වැසියන්ගෙන් සියයට 77.18 ක් ඊට කැමැත්ත පළ කරමින් ඡන්දය ලබා දුන් බව පැවැසෙයි. 06 June 2022
නයිජීරියාවේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන 50 ක් නිරිතදිග නයිජීරියාවේ ඕවෝ නගරයේ ශාන්ත ෆ්‍රැන්සිස් කතෝලික දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වනවිට මියගිය ගණන 50 තෙක් ඉහළ ගොස් තිබේ. 06 June 2022
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026