
මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 173 දෙනකු රැගත් කොරියානු ගුවන් සේවයකට අයත් පිලිපීනයේදී අනතුරට පත්විය. යානය අනතුරට පත්වූයේ අයහපත් කාලගුණය හේතුවෙන්, යානයේ නියමුවන්ට ගුවන් පථයට යානය නිසි ලෙස පතිත කිරීමට නොහැකි වූ බැවිනි.
යානයේ 173 දෙනාගෙන් 11 දෙනකු නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ය. ඔවුන් කිසිවකුටවත් බරපතල ලෙස තුවාලයක් සිදු නොවිණි.
ගුවන් පථය මඟ හැරී ලිස්සා ගිය යානය ගුවන්තොටුපොළ කෙළවර තණ පිට්ටනියක නතර විය. යානයටත් ගුවන් පථයටත් එයින් දරුණු ලෙස හානි සිදුවුණු බව ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd