
උතුරුදිග පිලිපීනය රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් කැලඹිණි. භූමි කම්පායෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය. තුවාල ලැබූ 26 දෙනකු රෝහල්ගත කෙරුණු බව පසුව වාර්තා විය.
භූමි කම්පාව හටගත්තේ, උතුරුදිග ඩොලොරේස් නගරයට නුදුරිනි. භූමි කම්පාව හටලත්තේ රාත්‍රී 10.59 ට පමණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය කිලෝ මීටර් 330 ක් ඈතින් පිහිටි මැනිලා අගනුවරටත් දැනෙන්න විය.
පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඞ් මාකොස් ජූනියර්ගේ උපන් නගරය ලෙස සැලකෙන ලාඕග් නගරයට ද භූමි කම්පාවෙන් දරුණු හානි සිදුවුණු බව මාධ්‍ය වාර්තා කරයි.
නිවාස සහ ගොඩනැගිලි රැසක් භූමි කම්පාවෙන් දෙදරා ඉරිතලා ගොස් ඇතැයි ද පැවැසෙයි. එවැනි නිවාස සහ ගොඩනැගිලිවලින් වහා ඉවත් වන්නැයි බලධාරීන් නගර වැසියන්ට උපදෙස් දී ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd