
උතුරුදිග පිලිපීනය රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් කැලඹිණි. භූමි කම්පායෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය. තුවාල ලැබූ 26 දෙනකු රෝහල්ගත කෙරුණු බව පසුව වාර්තා විය.
භූමි කම්පාව හටගත්තේ, උතුරුදිග ඩොලොරේස් නගරයට නුදුරිනි. භූමි කම්පාව හටලත්තේ රාත්‍රී 10.59 ට පමණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය කිලෝ මීටර් 330 ක් ඈතින් පිහිටි මැනිලා අගනුවරටත් දැනෙන්න විය.
පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඞ් මාකොස් ජූනියර්ගේ උපන් නගරය ලෙස සැලකෙන ලාඕග් නගරයට ද භූමි කම්පාවෙන් දරුණු හානි සිදුවුණු බව මාධ්‍ය වාර්තා කරයි.
නිවාස සහ ගොඩනැගිලි රැසක් භූමි කම්පාවෙන් දෙදරා ඉරිතලා ගොස් ඇතැයි ද පැවැසෙයි. එවැනි නිවාස සහ ගොඩනැගිලිවලින් වහා ඉවත් වන්නැයි බලධාරීන් නගර වැසියන්ට උපදෙස් දී ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
457
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරුදිග පිලිපීනය ප්‍රබල භූමි කම්පාවකින් කැලඹේ