ඉන්දීය අභ්‍යවකාශ ආයතනය අන්තර් ජාල චන්ද්‍රිකා 36 ක් සාර්ථකව පෘථිවි කක්ෂයට යැවීය. මෙම චන්ද්‍රිකා 36 මහා බ්‍රිතාන්‍යයේ ‘වන් වෙබ්’ සමාගමට අයත් අන්තර් ජාල සේවා සැපැයුම් චන්ද්‍රිකා බව පැවැසෙයි.
ඉන්දියාවේ නිෂ්පාදිත එල්.වී.එම්. 3 වර්ගයේ රොකට්ටුවේ ආධාරයෙන්, අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘සාතිෂ් දවාන්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් රොකට්ටුව උඩුගුවනට යැවීම සිදුවූයේ ඉරිදා අලුයම 12.07 ටය.
විදෙස් සමාගම්වලට අයත් චන්ද්‍රිකා පෘථිවි කක්ෂයට ගෙන ගොස් රැඳවීම ඉන්දීය අභ්‍යවකාශ ආයතනය මැදිහත් වීමෙන් වසර ගණනක් තිස්සේ සිදුවෙයි.
‘වන් වෙබ්’ සමාගම මෙම චන්ද්‍රිකා 36 උඩු ගුවනට යැවීමට නියමිතව තිබුණේ මීට මාස කීපයකට පෙරය. එය ප්‍රමාද වූයේ රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙනි.
(එන්.ඩී.ටීවී.)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉන්දියාව අන්තර්ජාල චන්ද්‍රිකා 36 ක් උඩ යවයි